වාහන ආනයන ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ජනපති

වාහන ආනයන ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ජනපති

වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මේ බව පැවැසීය.

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින් ණයවර ලිපි විවෘත කරනු ඇතැයි පුරෝකතනය කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න