දහම් අධ්‍යාපනය ජාතික සුදුසුකමක් බවට පත්කිරීමට සැලසුම්

දහම් අධ්‍යාපනය ජාතික සුදුසුකමක් බවට පත්කිරීමට සැලසුම්

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සඳහා සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුලත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක  පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ පිළිබඳව අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බවයි.

දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමුකිරීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, ඇතැම් ආයතනවලට රැකියා සඳහා බඳවා ගැනීමේදී අදාල විභාග සහතිකවලට නිසි පිලිගැනීමක් නොලැබෙන බවයි.

ඒ තත්ත්වය මත බොහෝ සිසුන් දහම් පාසල් අධ්‍යාපනයට යොමුවීම පහල ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙරට පාසල් 10096ක, අධ්‍යාපනය හදාරන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 40 කට අධිකයි.

දහම් පාසල් 10647ක් පැවැතියද දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමුවී සිටින්නේ සිසුන් ලක්ෂ 18 ක පිරිසක් පමණයි.

සිසුන් ලක්ෂ 22ක් පමණ දහම් පාසල් අධ්‍යාපනට යොමුවී නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න