Language Switcher

V2025

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ සභාපති ලෙස දයා ලංකාපුර පත් කෙරේ

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ලෙස, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර  පත්කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක  විසිනි.

1965 වසරේ ඇත්ත, පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස පුවත්පත් කලාවට අවතීර්ණ වූ දයා ලංකාපුර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

සිළුමිණ, දිවයින, දිනමිණ, රිවිර සහ ලක්බිම,මව්බිම, සියත ඇතුලු පුවත්පත් රැසක සේවය කර ඇති ඔහු, අධිකරණ වාර්තාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති පුවත්පත් කලාවේදියෙකි.