ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි  සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid)  අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබදතා තර කරගැනීම පිළිබදව අවධානය යොමුකරමින් කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන්වල එක්ව කටයුතු කරමින් ඒවා විසදාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කෙරිණි.

මෙහිදි කරුණු දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සමීප මිත්‍ර රටක් ලෙස ඕමානය සමග සම්බන්ධතා ඉතා ඉහළින් අගය කරන බවත් මෙරට තුළ ඇති විවිධ ආයෝජන අවස්ථා සැළකිල්ලට ගෙන විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා එක්වන ලෙස ඕමාන රජයට සහ පුද්ගලික අංශයේ ආයෝජකයින්ට ආරාධනා කරන බවත් පැවසීය.

ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති යහපත් වාතාවරණය පිළිබදව තමන් දැනුවත් බවත් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබදව අවධානය යොමුකරමින් තම රජයට හා පෞද්ගලික අංශයට ඒ පිළිබදව දැනුවත් කිරීම් කිරීමට පියවර ගන්නා බවත් දෙරට අතර සබදතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඕමානයේද අපේක්ෂාව වන බවත් මෙහිදී අදහස් දැක්වූ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් ද පවසා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න