රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්

රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් අද (14) විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන්අමාත්‍යංශ ප්‍රධාන ශාලාවේදී ආරම්භ කෙරුණි.

මූලිකව කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යංශ,දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් 68 දෙනෙකු සඳහා කන්ඩායම් දෙකක් යටතේ පාඨමාලාව ලබාදීමට සැලසුම් කර තිබේ.

විශේෂයෙන්ම පුහුණුව ලබාදීමෙන් අනතුරුව මහජනතාවට ඵලදායී සේවාවක් ලබාදිය හැකි, කෙටි කාලයක් තුළ ස්ථාන මාරුවීම් අපේක්ෂා නොකරන, මහජනතාව සමඟ සෘජුව ගනුදෙනු කරන පාඨමාලාව හැදෑරීමට අවශ්‍යයැයි හඳුනාගන්නා නිළධාරීන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිත වේ.

සම්පූර්ණ පාඨමාලා කාලය දින 24ක් පුරා පැය 60ක කාලයක ක්‍රියාත්මක කෙරේ.

න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලවක් වන මෙය 2026 වසරේ මුළු දිවයිනම ආවරණය වන ලෙස දිස්ත්‍රික්ක 25ට පාඨමාලා 25ක් පැවැත්වීමට නියමිත අතර කණ්ඩායමකට නිළධාරීන් 25 බැගින් නිළධාරීන් 625 දෙනෙකුට නොමිලේ අවස්තාව ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල  සඳහන් කළේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නිර්බාධිත සමාජ ජීවිතයක්, යුක්තිසහගත සම ප්‍රවේශයක් පරිච්ඡේදයේ සඳහන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ද රටේ අනෙකුත් පුරවැසියන් හා සමානව ජීවත්වීමට ඇති අයිතිවාසිකම තහවුරු කිරීමේදී රාජ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ඉතාමත් වැදගත් බවයි.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) හේමා පෙරේරා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රම ආරච්චි  සහ පාඨමාලා ලාභී රාජ්‍ය නිළධාරී එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න