හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීපයෙන් පසුව ඔහු මිය යන විට කොළඹ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට ඔහු 57 වන වියේ පසුවුණි.

ඔහු ප්‍රථම වරට 2010 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රීලපොප) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.

රත්වත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සමීප ඥාතියෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පරිපාලනය යටතේ ඔහු බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පසුව කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් සේවය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

අද (15) අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු ඉරිදා සවස 5:00 ට මහනුවර නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.

ඔහුගේ දේහය අද රාත්‍රියේ සිට මහජන ගෞරවය සඳහා මහනුවර, මහයියාව පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න