අතරමග නැවැත්වූ ඉදිකිරීම් හා ව්‍යාපෘති යළි ඇරඹීමට මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡා

අතරමග නැවැත්වූ ඉදිකිරීම් හා ව්‍යාපෘති යළි ඇරඹීමට මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡා

පසුගිය කාලයේ අතරමග නවතා දමා ඇති ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති ඵලදායි ලෙස මෙරට සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය සඳහන් කළේ, මේ දිනවල පැවැත්වෙන ඉදිරි වර්ෂයේ අයවැය යෝජනා පිළියෙල කිරීමේ සාකච්ඡාවලදී ඒ පිළිබඳ අවධානය යොමු කරන බවයි.

පසුගිය කාලයේ මහා පරිමාණ ඉදිකිරීම් රැසක් ආරම්භ කර අතරමග නවතා දමා තිබෙන අතර මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ රුපියල් කෝටි ගණනක් වැයකර ඉදි කර ඇති එම ගොඩනැගිලිවල වැඩ අවසන් නොවීම හේතුවෙන් ඒවා රජයට විශාල බරක් වී ඇති බවයි.

ඒ අනුව අදාළ ගොඩනැගිලි හා ව්‍යාපෘති ක්‍රියාත්මක වූ අමාත්‍යංශ මට්ටමෙන් ඒවා ඵලදායීව යොදා ගත හැකිද යන්න සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන අතර,අනතුරුව එම යෝජනා ගැඹුරින් අධ්‍යයනය කර අතහැර දමා ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම් අවසන් කර ඵලදායි කාර්යන්ට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න