සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ...

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ...

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

තැපැල්පති පී. සත්කුමාර  විසින් එම තීරණය ගෙන ඇත්තේ, තැපැල් සේවකයින් පිරිසක් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට සූදානම්ව සිටියදී යී.

අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ තැපැල් වෘත්තිය ‍සමිති පෙරමුණ එම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර ඔවුන් අද උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත විය.

මේ අතර අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති පී. සත්කුමාර මහතා පැවසුවේ, තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉතා අසාධාරණ බවයි.

අතිකාල ගෙවීම් සහ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කළ යුතු බවට වන කොන්දේසි, රජයේ ප්‍රතිපත්තිමය තීරණ වන බව, එම නිවේදනයේ සඳහන් වේ.

තැපැල්පතිවරයා පවසන්නේ, දෙපාර්තමේන්තුවේ සමස්ත පිරිවැයෙන් 90% වැටුප් හා අතිකාල ගෙවීමට වැය වන බවයි.

රජයේ නීති රීති හා විගණන උපදෙස්වලින් බැහැරව ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බව, තැපැල්පතිවරයා අවධාරණය කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න