‘ශ්‍රී ලංකාවේ නව රජය ලෙස අපි සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටිනවා’

‘ශ්‍රී ලංකාවේ නව රජය ලෙස අපි සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටිනවා’

ශ්‍රී ලංකාවේ වත්මන් රජය කිසිදු විශේෂ කිරීමකින් හෝ බෙදීමකින් තොරව සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බවත්, සියලු ජනතාවට එක ලෙස ගෞරවය, පිළිගැනීම, අභිමානය සහ මානව අයිතිවාසිකම් ලැබෙන පරිදි බවත් ඊයේ(22) පාර්ලිමේන්තු සභාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රිතරන්  නැගූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“රජයක් ලෙස අපි නිතරම එකමුතුකම, ගෞරවය, සංවේදිතාව, වගවීම සහ මානව හිමිකම්වලට ගරු කිරීම යන අදහස් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා.මානව අයිතිවාසිකම්වලට ගරු කිරීමේ සංස්කෘතියක් සමාජය තුළ සාමාන්‍යකරණය වී හෝ පිළිගෙන නොමැති නම් ආයතන කොතරම් පහසුවෙන් කඩා වැටිය හැකිද හෝ දුර්වල කළ හැකිද යන්න අපට දකින්න පුළුවන්. රජයක් ලෙස අප ගොඩනඟා ඇති ප්‍රකාශයන් සහ ප්‍රතිපත්තිය සමඟ අපට එය ආරම්භ කළ හැකියි. බෙදීම්, වෛරය හෝ ප්‍රචණ්ඩත්වය යන බීජ වපුරන ප්‍රකාශන වළක්වා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු අපගේ රජයේ සියලුම නියෝජිතයින් මෙම ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වාගෙන ගොස් තිබෙනවා. පැවැත්ම හෝ බලය පවත්වා ගැනීමේ මාධ්‍යයක් ලෙස ජාතිවාදයට, ප්‍රචණ්ඩත්වය හෝ වෛරය අවුලුවාලීමට යොමු නොවන බවට අප දුන් පොරොන්දුව මත අපි ස්ථාවරව සිටිනවා.මෙය සැලකිය යුතු වෙනසක්.

අපි සෑම විටම මහජන අදහස් ඇතුළුව සියලු දෙනාට සවන් දීමට ඉදිරිපත් වෙනවා. ඒ අනුව අපි නිවැරදි වීමට වගේම මහජන හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීමට අපි කටයුතු කරනවා යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න