රනිල් වික්‍රමසිංහ වහාම දැඩිසත්කාර ඒකකයට

රනිල් වික්‍රමසිංහ වහාම දැඩිසත්කාර ඒකකයට

කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරු කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහුට ඇති වී තිබෙන "විජලනය තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි" ඔහු මෙලෙස දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇත.

"නිරීක්ෂණයක් සඳහා ඇතුළත් කළා. රස්නයත් එක්ක පැය ගණනක් උසාවියේ හිටියා ම විජලයන වෙනවනේ. වතුර බොන්නෙත් නැතුව, කන්නෙත් නැතුව," වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසිය.

හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය සම්බන්දයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශයක්

 රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් වහාම කොළඹ ජාතික රෝහලට යොමුකිරීමට නිර්දේශ කර තිබුනේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසිනි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම, දැඩි වෙහෙස, තෙහෙට්ටු ගතිය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි. ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ ද අනුමැතිය හිමිව තිබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න