තැපැල් සේවක වර්ජනය අඛණ්ඩව......

තැපැල් සේවක වර්ජනය අඛණ්ඩව......

අතිකාල දීමනා ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රවල පැමිණීම සහ පිටවීම සටහන් කිරීමේ ගැටලුව ඇතුළු කරුණු 19 ක් මුල් කර ගනිමින් පසුගිය සඳුදා සිට වැඩවර්ජනය මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇත.

එසේ හෙයින් යුද හමුදා බස් රථ යොදා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ විවිධ ප්‍රදේශ වෙත යොමු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.

තැපැල්පතිවරයා පැවසුවේ තැපැල් පර්යන්ත වෙත එලෙස භාණ්ඩ හා ලිපි යොමු කළ බවයි.

එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය, ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති 23 ක් ඊට සහය දක්වයි.

ඔවුන් ඊයේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට දී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේ ය.

මේ අතර දිවයින පුරා තැපැල් කාර්යාල 653 න් ඊයේ දිනයේ විවෘතව පැවැති සංඛ්‍යාව 169 කි.

උප තැපැල් කාර්යාලය සංඛ්‍යාව, 3211 ක් ඊයේ විවෘතව පැවැතියේ ය.

මේ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හන්සක විජේමුනි පැවසුවේ තැපැල් සේවකයිගේ ඉල්ලීම්වලින් දෙකක් හැර සෙසු ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට හැකියාව ඇති බවයි.

තැපැල් වෘත්තීය සමිති කිහිපයක වර්ජනය හේතුවෙන් මේ වන විට රුපියල් මිලියන 100 ත් 120 ත් අතර පාඩුවක් සිදුව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න