"මම හැමදාම රට වෙනුවෙන් වැඩ කළා": අත්අඩංගුවට ගැනීමට පෙර රනිල්ගේ හඬ පටය

"මම හැමදාම රට වෙනුවෙන් වැඩ කළා": අත්අඩංගුවට ගැනීමට පෙර රනිල්ගේ හඬ පටය

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත.

අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් එම හඬපටය මාධ්‍යයට නිකුත් කලේය.

එහි දැක්වෙන්නේ,

 “මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණාවලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.”

මෙහිදි අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ ලංකාවේ ශක්තිමත් විදේශ සම්බන්ධකම් තිබෙන විශාල වැඩකොටසක් කල නායකයෙකුට දේශපාලන පලිගැනිමකට ලක්කරන්න කණ්ඩායමක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක් බවයි.

''මෙතුමා තමයි දුෂණ විරෝධි පනත ගෙනාවේ. මෙතුමගේ ගේ ගිනිතිබ්බ වෙලාවේ ආණ්ඩුවෙන් සල්ලි ගත්තේ නැහැ ගේ හදන්න කියලා.ඉතින් අපි අහන්න කැමති මේ රටේ ජනාධිපති කෙනෙක්ට පහසුකම් තිබිය යුතු නැද්ද. ජනාධිපති කෙනෙක් පැය 8 වැඩ මුරයට වැඩ කල යුතුද. අද ඉන්න කෙනාටත් අනාගතයේ ඉන්න ජනාධිපතිවරයාටත් මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවද……

(news19 | හිරුණි විජේසිංහ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න