තැපැල් වර්ජනය අවසන්.....

තැපැල් වර්ජනය අවසන්.....

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස අවසන් කර තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චින්තක බණ්ඩාර  පැවසුවේ ඉදිරිපත් කළ මූලික කරුණු 19යෙන් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා ඇමතිවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවය.

එමෙන්ම අනෙක් කරුණු 2 වන ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා සමබන්ධයෙන් වූ ඉල්ලීමට කිසිඳු වෙනසක් සිදු කිරීමට ඇමතිවරයා කැමැත්ත පළ නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තැපෑල වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වූ අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න