'ඉල්ලා අස්වන කතා' ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් X පණිවිඩයක්

'ඉල්ලා අස්වන කතා' ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් X පණිවිඩයක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් තමා ඉල්ලා අස්වී ඇති බවට පළවන වාර්තා හනීෆ් යූසූෆ් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

"මම රජයෙන් ඉවත් වන බවට කරන ප්‍රකාශ පදනම් විරහිත සහ අසත්‍යයි. ජනාධිපතිතුමාගේ දැක්ම සඳහා මගේ කැපවීම ස්ථිරය. කිසිදු විරාමයකින් හෝ පැකිලීමකින් තොරව අපේ දේශය නැවත ගොඩනැගීමේ මෙහෙවරට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිමි," යනුවෙන් හෙතෙම Xපණිවිඩයක් තබා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත්කිරීමත් බස්නාහිර පළාත් සභාවේ මතුව ඇති ගැටළු කිහිපයක් නිසාත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය විසින් වාර්තාකර ඇත.

කෙසේවුවද ආණ්ඩුකාරවරයා එකී පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරයි.

huu46u

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න