කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස දිවයිනට.....

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස දිවයිනට.....

ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මෙ , කොමාන්ඩෝ සලින්ත නොහොත් පිට්ටුවා , බැකෝ සමන් , පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නැමති අන්වර්ථ නාම වලින් හදුන්වන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනා අද (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

ඔවුන් අද (30) රාත්‍රී 07.20 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම සිදුවීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ලෙස ආරක්ෂාව තර කර ඇති ආකාරයක් දැක ගන්නට තිබේ .

ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලීසියේ , පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න