ජනපති මැදුරු දෙස්-විදෙස් සංචාරකයන්ට

ජනපති මැදුරු දෙස්-විදෙස් සංචාරකයන්ට

සංචාරක ප්‍රදේශවල ඇති ජනාධිපති මන්දිර දෙස්-විදෙස් සංචාරකයන්ට නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි.

සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ(29) පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණ ගෙන ඇත.

ඒ අනුව, නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස්-විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක ව්‍යාපාරිකයන්ට ආරාධනා කර තිබේ.

ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසා ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යෑමේදී දැනට පවතින අඩුපාඩු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරිකයන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇති අතර සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වූ යෝජනා ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට ඇරයුම් කර ඇත.

2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සහ පාර්ශ්වකරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න