හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට CIDයෙන් යළි කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට CIDයෙන් යළි කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, හෙට (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි, ඔහුට දැනුම් දී ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න