නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

මෑතකදී සේවාදායකයන් වෙනුවෙන් සිදු කරන වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරුන්ට එරෙහිව නඩු පවරන බවට / පැමිණිලි කරන බවට තර්ජනය කළ අවස්ථා කිහිපයක් තම සංගමය විසින් නිරීක්ෂණය කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති රජිව් අමරසුරිය හා ලේකම් චතුර ඒ ගල්හේන ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනය මගින්,

  • සේවාදායකයෙකුගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෘත්තීයමය වශයෙන් නියෝජනය කරන නීතිඥවරුන්ගේ ස්වාධීන කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

 

  • එසේම, නීති වෘත්තිකයෙකුට තම සේවාදායකයාගේ යහපත සඳහා නීතියෙන් සපයා ඇති රාමුව තුළ තම වෘත්තියෙහි යෙදීමේ හැකියාව ඉතා පැහැදිලිව ලබා දෙන මූලධර්මය, සම්මුතිය සහ භාවිතය නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

  • නීතිඥවරුන්ගේ වෘත්තීය චර්යාවන් සමාලෝචනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීති පද්ධතියේ ඇති නිශ්චිත යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු කරයි.

 

  • එහෙත්, නීතිඥවරයෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ නියෝජනයන් සිදු කිරීම සම්බන්ධයෙන් අපහාස විධිවිධාන යටතේ පුද්ගලයෙකු වරදකරු කර දඬුවම් නියම කරමින් 2021 ජූලි 15 වන දින නිකුත් කරන ලද අංක 3/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව කෙරෙහි නීතිඥ සංගමය අවධානය යොමු කරයි.



 එය යුක්තිය පසිඳලීමේ පද්ධතියට ඍජුවම බලපාන කාරණයකි.

 

  • මෙහිදී, යුක්තිය පසිඳලීමේ පද්ධතියට අදාළ කාරණාවලදී සියලුම පාර්ශවකරුවන් සංයමයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.



අවශ්‍යතාවක් ඇති වුවහොත්, ඕනෑම සංසදයකදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් ලෙස ආරක්ෂා කරනු ඇති බවද එකී නිවේදනයේ සඳහන් වේ.

 

bar associa 20250905

 

BAR 20250905 2

 

 

   The leader.lk

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න