ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අවදානම් ස්ථාන 10ක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අවදානම් ස්ථාන 10ක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර අවදානම් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි, බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි විධායක ඉංජිනේරු එස්. එස්. හෙන්නායක  සඳහන් කළේ, එම ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි.

එම මාර්ගය දෙපස පිළිසකර කළ හැකි අවදානම් සහිත ස්ථානවල පස් ගොඩ කිරීම ආරම්භ කර තිබේ.

ඒ යටතේ පිළිසකර කෙරෙන මාර්ග ප්‍රමාණය, කිලෝමීටර 26 කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ අනතුරු අවම කිරීමට වෙන්කර ඇති රුපියල් මිලියන 700 ක ප්‍රතිපාදන ඒ සඳහා යොදා ගැනීමට නියමිත බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න