Language Switcher

Ad

Ad 01

V2025

මත්පැන් අලෙවිය සහ මිලදී ගැනීමට කාන්තාවට තිබූ තහනම ඉවත් කළේ මංගල - රන්දුලා ද සිල්වා

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ 1955 වසරේ අනුමත කර තිබූ කාන්තාවන්ට මත් පැන් මිලදී ගැනීම,

මත්පැන් අලෙවිසලක සේවය කිරීම යනාදි කරුණු ඇතුළත් පනත අහෝසි කර කාන්තාවන්ට එම අයිතිවාසිකම් ලබා දිමට කටයුතු කළ බව සමාජ ක්‍රියාකාරිනී රන්දුලා ද සිල්වා පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ 'රැඩිකල් මැද (Radical Center) සංවිධානය හා The Garage ආයතනය විසින් පසු ගිය පස්වන දින 'තුන්මන් හන්දිය' හි සංවිධානය කර තිබු සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙම සාකච්ඡාවට සහභාගි වූ මහාචාර්ය රොහාන් සමරජිව පැවසුවේ 2015 වසර වන විට පැවති කිසියම් ගැටලුකාරි තත්ත්වයක් මංගල සමරවීර අමාත්‍යවරයා විසින් වළක්වා ලු බවයි.

එනම්, ඒ වන විට නිල වශයෙන් තහනම් ක තිබූ ඇතැම් දේවල් නිල නොවන මට්ටමින් සිදු කිරීමේ තත්ත්වයක් පැවති බවයි. මංගල සමරවීර එම තත්ත්වය සපුරා ම වෙනස් කළ බව හෙතෙම පැවසී ය.


The leader.lk