"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟ අද (11) දහවල් 1.15ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි නිල නිවසින් ඉවත්ව හම්බන්තොට කාල්ටන් නිවස වෙත යාමට පිටත් විය.
අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (10) දිනයේ සම්මත වූ පනත හේතුවෙන් ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගිය අතර ඒ හේතුවෙන් හම්බන්තොට කාල්ටන් නිවස වෙත ගියේය.