Language Switcher

Ad

Ad 01

V2025

සපුගස්කන්ද තෙල් ටැංකියේ ගින්න පාලනය කෙරේ....

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ටැංකියක හටගත් ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු මේ වන විට මැඩ පවත්වා තිබේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ, අදාළ ටැංකිය අලුත් වැඩියා කරමින් සිටින අවස්ථාවේ ඊයේ(10) පස්වරුවේ ගින්න හටගත් බවයි.

ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 11කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණ අතර යුධ සහ ගුවන් හමුදා මෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ද එම ස්ථානයට කැඳවා ගින්න මැඩපවත්වා ඇත්තේ අද(11) අළුයම් කාලයේදියි.

ගින්න හේතුවෙන්, තෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය, මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ය.

මෙට්‍රික් ටොන් 40000ක ධාරිතාවකින් යුක්ත හිස් ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන තිබුණි.

එම හිස් ටැංකිය වසර කිහිපයක සිට භාවිතයට ගෙන නොමැති අතර එය යළි භාවිතයට ගැනීම සඳහා අළුත්වැඩියා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ගින්න හටගෙන තිබුණි.

අළුත්වැඩියා කටයුතු කරමින් සිටියදී ඇති වූ ගිනි පුපුරු ගින්න හට ගැනීමට හේතුවන්නට ඇතැයි සැක පල කෙරේ.

 

newsfirst.lk