තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඔහුගේ නීතිඥවරු විසින් අද (11) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
මෙම අභියාචනය අද (11) පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ප්‍රසන්න රණතුංගට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට කල් ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුනි.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගට චෝදනා එල්ල වී තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
