සුජීව සේනසිංහ කැඳවුම්කාර ධුරයෙන් ඉල්ලා අස්වේ ; ශ්‍රී ලංකා-ඊශ්‍රායල මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම අවුලක !

සුජීව සේනසිංහ කැඳවුම්කාර ධුරයෙන් ඉල්ලා අස්වේ ; ශ්‍රී ලංකා-ඊශ්‍රායල මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම අවුලක !

ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම කැඳවමින් ප්‍රසිද්ධ කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවත්, එය වැරදීමකින් නිකුත් කළ ලිපියක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.

සැප්තැම්බර් 4 දිනැති පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.

 

sujeewa 20250912

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය ‘දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කරන ලද බවත්, එම රැස්වීම අවලංගු කරන ලෙස අදාළ සියලුම පිරිස්වලට ලිඛිතව දැනුම් දී ඇති බවත් සුජීව සේනසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.

“ප්‍රමාද දෝශයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත! සිදු වූ අත් වැරදීමට මාගේ දැඩි කනගාටුව ප්‍රකාශ කරමි!” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනය කර ඇත.

sujeewa 2

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අද (සැප්තැම්බර් 12 වැනි දින) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඊශ්‍රායල් තානාපතිවරයා මේවනවිට ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ සිටියි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සිය ඉඇල්ල අස්වීම දැනුම් දෙමින් ෆේස්බුක් සටහන පළකර ඇත්තේ සිය පක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තාවේ.

 

The leader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න