හිටපු කතානායක මහින්ද යාපා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

හිටපු කතානායක මහින්ද යාපා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

 

ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ''ජාතික ගොවි සතිය'' සංවිධානය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන වංචාව දුෂණ පිළිබඳවත්, කතානායකවරයව සිටියදී වාහන අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මතත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

මහින්ද යාපා අබේවර්ධන ලක්ෂ 3638ක, මූල්‍ය අපරාධයක් සිදුකර ඇතැයි මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් පසුගියදා අනාවරණය කර තිබිණ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා, මහින්ද යාපා අබේවර්ධන ව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් වාර්තාකර ඇත.

 

The leader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න