Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ඇරඹේ

අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය

ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අධිකරණ e court ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර ගේ සහභාගිත්වයෙන් ඊයේ (12) කොළඹ 12, අධිකරණ මාවත, අංක 80, විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

she 20250913
ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා යන අය අතින් සිදු කෙරුණහ.

ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණ වූයේ අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුකම සැපයීම ය.

 

she2 20250913


සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණයට

පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වී ය.

අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම පසුගියදා සිදු වූ අතර, ඒ යටතේ කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙවීම් යන්ත්‍ර බෙදාදීම ද මෙහි දී සිදු කෙරිණ.

20250913

 

නීතිපති, ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් අරවින්ද ගුණරත්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ, රජිව් අමරසූරිය, මහජන බැංකුවේ සභාපති ආචාර්ය නාරද ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතුරු තාක්ෂණ රෙජිස්ටාර් අචින්තනාත් වැලිදෙණිය යන පිරිස ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ රෙජිස්ටාර්වරුන් හා අධිකරණ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

digita 20250913

 

The leader.lk