වත්කම් හා බැරකම් නොදුන් රාජ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු !

වත්කම් හා බැරකම් නොදුන් රාජ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු !

2025 වර්ෂයට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරගැනීම වහාම නවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

අදාළ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ අවසන් දිනය වූ 2025 අගෝස්තු 31 වනදා ගෙවී යාම ඊට හේතුවයි.

නියමිත දිනට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් සියලුම රාජ්‍ය නිලධාරීන් ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද කොමිසම අවධාරණය කරයි.

එම පනතට අනුව, නියමිත දිනයට වත්කම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වන පුද්ගලයෙකුට, ඔහු අවසන් වරට ලැබූ මාස 12ක දළ වැටුපට සමාන දඩයකට හෝ වසරක් නොඉක්මවන සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කිරීමේ හැකියාව පවතින බව කොමිසම පෙන්වා දෙයි.

කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් සැප්තැම්බර් 16 වනදා නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් මෙම කරුණු දැනුම් දී ඇති අතර, නියමිත දිනයෙන් පසුව යම් හෙයකින් භාරගත් ප්‍රකාශ වේ නම්, ඒවා වහාම අදාළ පුද්ගලයන් වෙත ආපසු යොමු කළ යුතු බවටද එහි වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

padi

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න