සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන පොට්ට අමිල නැමැත්තා සහ ඔහුගේ සමීපතමයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තිදෙනා මොරගහහේන පොලීසිය විසින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ මත්පෙති 5,300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක් ද පොලීසිය යොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 10කට ආසන්නය.
එමෙන්ම මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන 03ක්ද පොලීසිය සිය භාරයටට ගෙන ඇත.
එමෙන්ම අනෙක් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිග්‍රෑම් 2,100 ක් සහ මත්පෙති 300 ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 'පොට්ට අමිල' නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'මෝල් කසුන්' සහ 'මන්නා රමේශ්' නැමැත්තන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු බවත් මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව ඔහුගේ දෑස් අන්ධ භාවයට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් සිව්දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.