Language Switcher

Ad

Ad 01

V2025

බැකෝ සමන්ගේ බිරිඳ යළිත් රිමාන්ඩ්

බැකෝ සමන්ගේ බිරිඳ මිද්දෙණිය අවට ප්‍රදේශන්හි සිදුවන මත්ද්‍රව්‍ය ඡාවාරම් සඳහා සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධව විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ගොනු කරන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  අපාරධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අද(25) නියෝග කළේ ය.

එමෙන්ම සැකකාර බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි යළි ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා විෂ වර්ග හා අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත යටතේ ගැනෙන වැරැදි සිදුකර ඇති බව චෝදනා කරමින් බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි අත්අඩංගුවට ගෙන තිබේ.