සම්පත් මනම්පේරී දින 90 ක් රඳවාගෙ ප්‍රශ්න කිරීමට අවසර

සම්පත් මනම්පේරී දින 90 ක් රඳවාගෙ ප්‍රශ්න කිරීමට අවසර

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර ලබා දී තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, අද පස්වරුවේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දුන්නේ ය.

කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පැමිණිල්ලට නියෝග කර සිටියේ, රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු සැකකරු දෙසැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න