ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනයක්

අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වෙයි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 180කි.

කෙසේ වෙතත් පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

WhatsApp Image 2025 09 30 at 21.31.34 a58da3dd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න