වෙහෙරගල වැව් බැම්බෙන් මතු වූ උණ්ඩ....

වෙහෙරගල වැව් බැම්බෙන් මතු වූ උණ්ඩ....

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසල තිබී LMG, T 56 හා T 81 ඇතුළු අවි ආයුධ තොගයක් සහිත පොහොර මලු දෙකක් ඊයේ ( 30) සවස පොලිස් භාරයට ගත් බව කතරගම පොලිසිය පවසයි.

මෙලෙස පොලිස් භාරයට පත් වූ අවි තොගය අතර T 56 මැගසින් 74ක්, T 56 LMG මැගසින් 36ක් , T 81 උණ්ඩ ,පතුරම් බහාලන පෙට්ටි 02ක් ඇතුළුව හදුනාගෙන නොමැති දිරා ගිය උණ්ඩ තොගයක් ඇතුළු විවිධ ආයුධ කොටස් කිහිපයක්ද වන බව කතරගම පොලිසිය පවසයි.

කතරගම, ලුණුගම්වෙහෙර හා ගෝනගංආර යන පොලිස් වසම්වලට මායිම් වන්නට මෙම වෙහෙරගල ජලාශය පිහිටා ඇති අතර ආයුධ හමු වු ප්‍රදේශය කතරගම පොලිස් බළ ප්‍රදේශයට අයත් කොටසකි.

පසුගිය දිනවල පැවති දැඩි නියං සහිත කාලගුණයත් සමග වෙහෙරගල ජලාශයේ ජල මට්ටම පහල යාමත් සමග මෙම අවි ආයුධ දමා තිබූ පොහොර මළු එහි ගිය පිරිසක් දැක මේ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව කතරගම පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධිය පිළිබදව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබේ.

වෙහෙගල ජලාශයෙන් හමු වු මෙම අවි ආයුධ සම්බන්ධයෙන් යුධ හමුදාවේ නිළධාරීන් කණ්ඩායමක්ද එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස හමු වු මෙම ආයුධ කොටස් අද ( 01) දින බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ජලාශයේ ජල මට්ටමද අඩුකර ගොඩ ගැනීම සඳහා මෙහෙයුමක් සිදු කිරීමට නියමිතය.

01 3 4 1152x1536

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විමර්ශන පවත්වයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න