අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීමේ නිතීය පිළිබද අති විශේෂ ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීමේ නිතීය පිළිබද අති විශේෂ ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල වාහනවල රියදුරන් සහ පසුපස අසුන්වල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීය යුතු බවට වන නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ , ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් ය.

සෑම වාහනයක් සඳහාම රියදුරුගේ ආසන පටිය, බඳ හරහා ඉහළට දිවෙන පටියක් සහ බඳ හරහා පාර්ශවික දිවෙන පටියකින් සමන්විත සවිකරන ස්ථාන තුනක් සහිත ප්‍රමිතිගත පටියක් විය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.

ඉදිරි පෙල ආසන ඇතුළුව අනෙකුත් ආසන සඳහා පටි , ආසනවල සැලැස්ම මත පදනම්ව අවම වශයෙන් සවි කිරිමේ ස්ථාන දෙකක්වත් සහිත බඳ හරහා පාර්ශවික දිවෙන පටියකින් සමන්විත ප්‍රමිතිගත ආසන පටියක් විය යුතුයි.

අදාල නිවේදනය පහතින්

0111

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න