දරුවන්ට යුතුකම් කියා දෙන එක වරදක් ද...? - දිවානී හෙට්ටිගේ

දරුවන්ට යුතුකම් කියා දෙන එක වරදක් ද...? - දිවානී හෙට්ටිගේ

දරුවන්ට යුතුකම් කියා දීමට යෑමේදී ගුරු විදුහල්පති ශිෂ්‍ය නායකයින් වැරදිකරුවන් කර දඬුවම් ලැබිය හැකි පිරිසක් බවට පත් කරන්නට වත්මන් ආණ්ඩුවේ යෝජිත නීතිය මගින් හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සහ පාසල් ප්‍රජාව තුළ ඇතිවීගෙනන යන බරපතළ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරිය...

රටේ සංස්කෘතික පද්ධතිය විනාශ කරන කුමන්ත්‍රණයක්...?

''අගමැතිනිය පවසන්නේ වගකීම් සහ යුතුකම් කියලා කොටස් දෙකක් තිබෙනවා, අපි පනත මගින් වගකීම් ඉෂ්ට කරලා තිබෙනවා, දරුවෝ තමන්ගේ යුතුකම් ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කියලා. එහෙනම් දරුවන්ට මේ යුතුකම් කියලා දෙන්නේ කවුද...? කියා දීමට යාමේ දී ගුරු විදුහල්පති ශිෂ්‍ය නායකයින් වැරදිකරුවන් කර දඬුවම් ලැබිය හැකි පිරිසක් බවට පත් කරන්නට මේ නීතිය මගින් හැකියාව ලැබිලා තියෙනවා.

රටේ අධ්‍යාපන ඇමැතිට දරුවෝ නැති නිසාද දන්නෙ නැහැ මේකෙ බරපතළකම නොතේරෙන්නේ...? නොඑසේ නම් ජාත්‍යන්තර අවශ්‍යතාවයක් මත රටේ සංස්කෘතික පද්ධතිය විනාශ කරන්ඩ කරන කුමන්ත්‍රණයක් ද මේ වන විට පාසල් ශිෂ්‍යයෝ සියයට පනස් පහක් දහම් පාසල් යන්නේ නැහැ. ඔවුන්ට දහම් අධ්‍යාපනය ලැබෙන්නෙත් නැහැ. ගුරුවරුන්ට ආණ්ඩුවෙන් සුළු මුදලක් දුන්නත්, ස්වෙච්චාවෙන් මුදලක් ගෙව්වත් මේ තියෙන පනත නිසා දහම් පාසලේ ඉගෙනුම් කටයුතු කිරීමට බාධාවක් වෙනවා. මහා නායක හිමියන්, කාදිනල් තුමාවිරෝධතාවය ප්‍රකාශ කිරීම පිළිබඳව රටේ ජනතාව පින් අනුමෝදන් කරනවා.

පාසල් තුළ විනය ක්‍රියාත්මක විය යුතුයි

විනයක් නැති සමාජයක් හදන්නට බැහැ. විනය කියන දේ සංස්කෘතියට අනුව පාසල් තුළ ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුණහොත් නුදුරේම අපි දුටුවා සුළු ප්‍රශ්නයක් හේතුකොටගෙන පාසැල් ළමයකු ගුරුවරියෙකුට පහරදෙනවා. මෙය තමයි ආරම්භය; මෙය ඉතා භයානක තත්ත්වයක්. මෙම සංශෝධනය තුළින් ගුරුවරු සහ විදුහල්පති දණ්ඩනයකට ලක් කිරීම නිසා ගුරුවරු තුළින් සිසු දරුවන්ට අවවාද අනුශාසනා කිරීම පවා මානසික හිංසනයක් විය හැකි යි.''

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ උපලේකම් ගින්නෙරියේ සෝමරතන හිමි, ප්‍රධාන සභාපති තුෂාර කුරේ යන අය ද අදහස් දැක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න