කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් කතුන් 10 ක් ගැබ්ගනී

කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් කතුන් 10 ක් ගැබ්ගනී

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අලුතින් ස්ථාපිත කළ ශුක්‍රාණු බැංකුව හරහා මේ වන විට කාන්තාවන් දස දෙනෙකු (10) සාර්ථකව ගැබ්ගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ අජිත් කුමාර දන්තනාරායන පවසයි.

මෙම ශුක්‍රාණු බැංකුව ස්ථාපිත කර මේ වන විට මාස හයක පමණ කාලයක් ගත වී තිබේ.

දායකයන්ගේ රෝග කිහිපයක් සඳහා වන විධිමත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ශුක්‍රාණු බැංකුව තුළ තැන්පත් කිරීම සිදුවන බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

අනතුරුව නැවතත් අදාළ පරීක්ෂණ සඳහා පියවරුන් කැඳවා එම පරීක්ෂණ හරහා ද නිරෝගී බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ශුක්‍රාණු තැන්පත් කිරීම සඳහා සූදානම් කරන බවයි ඒ අනුව අනාවරණය වෙයි.

කෙසේ වෙතත් මෙම කාලය තුළ ශුක්‍රාණු තැන්පත් කර තැබීම සඳහා ලික්විඩ් නයිට්‍රජන් අවශ්‍ය වන අතර, ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂවරයා පවසයි.

එසේම ශුක්‍රාණු පරිත්‍යාග කරන පියවරුන් නැවතත් මාස තුනකට පසු පරීක්ෂාවට පැමිණීමේ යම් දුර්වලතාවයක් පවතින අතර එය ද කඩිනමින් වළක්වා ගත යුතු බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර බොහෝ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, දායකයන් ද ඉදිරිපත් වෙමින් සිටින බවත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල තහවුරු කර සිටී.

(hirunews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න