ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) නිලධාරියකුවන ධම්මික රණතුංග අද (09) වැඩ භාරගත්තේය.

2000 වසරේ දී පරිපාලන සේවයට එක්වූ ධම්මික රණතුංග රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ද ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ පශ්චාත් උපාධිය ද ඔහු හිමිකරගෙන ඇත.

රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ තනතුරු දරා ඇති ඔහු මෙම ධූරයට පත්වීමට පෙර ,ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න