Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නිර්දේශ අවසන් අදියරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් රියන්සි අර්සකුලරත්නගේ කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරිම මේ වන විට අවසන් අදියරේ පසුවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ ය.

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මෙම අදාළ නිර්දේශ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලබා දීමට නියමිත ය.

හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ, එම නිර්දේශ ලැබෙන දිනයක් කිව නොහැකි නමුත් නුදුරේදී ම ලැබෙනු ඇති බව ය.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නව පනත් කෙටුම්‍පත සැප්තැම්බර් වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ත් එහිදී පනත අහෝසි කිරීම බහුතරයෙන් සම්මත කරගන්නා බව ත් අමාත්‍යවරයා මීට පෙර ජුනි මාසයේදී සඳහන් කළේ ය.

එහිදී පනත අහෝසි කිරීමට අදාළව යෝජනාව අඩු ම තරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු කීය.

එසේ ම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) අහෝසි කිරීමට ද තවම දින වකවානුවක් කීමට නොහැකි බව ත් ඒ සඳහා පත්කළ කමිටුව මුණගැසී වැඩ කටයුතු ආරම්භ කිරීමට සිදුවීම මීට හේතුව බව ත් ඔහු කීය.

( Sachithra Perera - mawbima)