Language Switcher

V2025

ඉමෝලා ජයගත් ශ්‍රීලාංකික රේස් ශූරයා

අපි රටට ආදරය කලාට රට අපිට ආදරේ නැහැ. රේස් වලින් ගිනස් වාර්තාවක් තියල ක‍්‍රීඩාවෙන් සමුගන්නවා. ඩිලන්ත මාලගමුව පැරීසියේදි පවසයි.

උතුරු දිග ඉතාලියේ ඉමෝලා ප‍්‍රදේශයේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ෆෙරාරි වාහන නිශ්පාදන සමාගමේ හිමිකරුවන් වන නැසි ගිය එන්සෝ ෆෙරාරි හා ඔහුගේ පුත් ඩිනෝ ෆෙරාරි නමින් ප‍්‍රසිද්ධ ජාත්‍යයන්තර මෝටර් රථ ධාවන පථය නොහොත් ලෝක මෝටර් රථ ශූරතා ඉතිහාසයේ සුප‍්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ වසරකට වරක් පවත්වන ඉසව් පහකින් සමන්විත ලැම්බෝර්ගනී සුපර් ටි‍්‍රප්‍රෝ 2017 ජාත්‍යයන්තර ශූරතා තරඟාවලියේදී ශ්‍රීලංකාවේ ප‍්‍රසිද්ධ මෝටර් රථ ශූරයෙක්වූ ඩිලන්ත මාලගමුව එක් ඉසව්වකින් තෙවන ස්ථානය දිනා ගනිමින් මෙම ධාවන පථය ජයගත් ප‍්‍රථම ශ්‍රීලාංකිකයා වීමේ භාග්‍ය හිමිකර ගත්තේය. මෙම තරඟය නැරඹීමට හා ඩිලන්ත වෙනුවෙන් ජය ඝෝෂා නැගීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රීලාංකිකයෝ සහභාගි වුවෝය. 

ඉහත සඳහන් ඉමෝලා ධාවන පථය වසරකදී ලෝකයේ ජාත්‍යයන්තර පලමු පෙලේ මෝටර් රථ ධාවන ශූරතාවයන් කිහිපයක් පවත්වනු ලැබේ. ඒ අතරින් පෝර්මියුලා වන් ශූරතාවය විශේෂිතවේ. ලෝක ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙකුවූ බ‍්‍රසීල ජාතික ඇරිටන් සේනා වර්ෂ 1994 මැයි මස 01 වෙනිදාා මෙම ධාවන පථයේ සිදුවූ අනතුරකින් මිය ගියේය. එම අනතුර හේතු කොට ධාවන පථය නවීකරනය කිරීමට සිදු වූයේය. කි:මී: 4.909ක් දිග වංගු 15 කින් සමන්විත මෙම ධාවන පථයේ අවම ධාවන කාල වාර්තාව ලෙස සනිටුහන් වන්නේ මිනිත්තුවයි තත්පර 20 දශම 411කි. හිටපු ලෝක ශූර ජර්මන් ජාතික මයිකල් ෂූර්මාකර් විසින් වසර 2003දී පෝර්මියුලා එක ශූරතාවයේදී ෆෙරාරි කාරයක් පදවමින් ඉහත වාර්තාව තැබුවේය.

බ‍්‍රසීල ජාතික ඇරිටන් සේනා, නෙල්සන් පිකේ, ප‍්‍රංශ ජාතික ඇලන් ප්‍රොස්ට්, බි‍්‍රතාන්‍ය ජාතික නයිජෙල් මෙන්සෙල්, මයිකල් ෂූර්මාර්කර්, ස්පාඤ්ඤ ජාතික ප‍්‍රනැන්ඩු අලොන්සෝ වැනි පැරනි ලෝක ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෝ මෙම ධාවන පථයේ ජය ලැබූ අය අතරින් කිහිප දෙනෙකි.

එවැනි ඉතිහාසයක් ඇති ඉමෝලා ශූරතාවයක් ජයගත් ප‍්‍රථම ශ්‍රීලාංකිික ඩිලන්ත මාලගමුව එම ශූරතාවය ලබා ගැනීම සඳහා පැරිස් අගනුවර කොන්කෝඞ් චතුරශ‍්‍රය අසල පිහිටි ජාත්‍යයන්තර මෝටර් රථ සම්මේලන මූලස්ථානයට පැමිනි අවස්ථාවේදී ඔහු සමඟ මෙසේ සංවාද වූයේය.

ප‍්‍රශ්නය:

ඩිලන්ත ඔබ වර්තමාන ශ්‍රීලංකාවේ ප‍්‍රථම ස්ථානයේ සිටින කාර් රේස් ධාවන ශූරයෙක්. ඉමෝලා ජයග‍්‍රහානය දක්වා ඔබගේ රේස් ඉතිහාසය විස්තර කරන්නේ කෙසේද?

පිලිතුර:
මම මින් පෙර ආසියාවේ තමයි ගොඩක් රේස් පැද්දේ. සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව, ජපානය, ඩුබායි ආදි රටවල පැවැත්වූ ශූරතාවයන් විශාල ප‍්‍රමානයක් ජය ගැනීමට මට හැකි වුනා පමනක් නොවෙයි ආසියාවේ වැඩිම ලැම්බොර්ගනී කාරයෙන් රේස් ගනනාවක් ජයගත් පුද්ගලයා වීමේ භාග්‍යයත් ලැබුනා. ඒ අතර තමයි මේ වසරේ සිට යුරෝපයේ ලැම්බෝර්ගනී ශූරතාවයන්ට සහභාගි වීමේ අවස්ථාව ලැබුනේ. එහිදී ප‍්‍රථමයෙන් ප‍්‍රංශයේ පැවැත්වූ පෝල් රිකාර්ඞ් ධාවන ශූරතාවයට සහභාගි වීමට අවස්ථාව ලැබුනා. ඉන් පසු ස්පාඤ්ඤය හා ඉතාලියේ ශූරතාවයන් කිහිපයකට සහභාගි වුනා. ඉන් පසුවයි ඉතාලියේ ශූරතාවයන් කිහිපයකට සහභාගි වුනේ. ඉන් පසුවයි ඉතාලියේ සුප‍්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ ලැම්බෝර්ගනී සුපර් ටි‍්‍රපෝ ශූරතාවයට සහභාගි වුනේ. එහි රේස් 5ක් තිබුනා. එකකදී මගේ වාහනය අනතුරකට භාජනය වුනා. නමුත් එක් ප‍්‍රධාන ඉසව්වක් ජය ගැනීමට හැකි වුනා. එම තරඟයේදි මම ආරම්භ කළේ 15 වෙනියට. නමුත් අවසන් කළේ දෙවෙනියට. එසේ වුවද එම ඉසව්වේදි වෙනත් වාහන අනතුරක් හේතු කොට අවසාන වටයට පෙර ඉසව්ව අවසන් කිරීමට බලධාරීන් තීරනය කිරීම හේතුවෙන් ඒ වනවිට මම සිටි තෙවන ස්ථානය මට ලබා ගැනීමට මට හැකි වුනා. ඒ ගැන මම සතුටු වෙනවා. මන්ද ? මින් පෙර ආසියාතික ධාවන ශූරයෙක් ඉමෝලා වල ජය අර ගෙන නැහැ. ඒවගේම එම අවස්ථාව හිමි කරගත් ප‍්‍රථම ශ්‍රීලාංකිකයා වීමේ භාග්‍යයත් මට ලැබුනා. මෙම සියලූ කරුනු හේතු කොට ඉමෝලා වල පැවැත්වූ ලැම්බෝර්ගනී සුපර් ටි‍්‍රපෝ ලෝක ශූරතාවය ගැනත් එහිදී මම ලබා ගත් ජයග‍්‍රහාන ගැනත් සතුටු වීමට පුළුවන්.

ප‍්‍රශ්නය:
ඔබ යුරෝපයේ ශූරතාවයන්ට එක් වන්නේ බෝහෝ මෑතක. ඉන් පෙර ආසියාව, මැද පෙරදිග ශූරතාවයන් රැුසකට සහභාගිවී ජයග‍්‍රහාන රැුසක් හිමි කර ගන්නවා ආසියාවේ හා යුරෝපයේ ශූරතාවයන් අතර සමාන අසමානකම් තිබේද? එසේ නම් ඒ මොනවාද?

පිලිතුර:
ආසියාවේ හා යුරෝපයේ කියල විශාල වෙනසක් නැහැ. නමුත් යුරෝපයේ මෙන් ආසියාවේදී අපේ වාහනය හරි හැටි නඩත්තු වෙන්නේ නැහැ. යුරෝපයේදි එක රේස් එකක් අවසන් වුනාම ඊලඟ රේස් එකට ප‍්‍රථමයෙන් වාහනය අළුතෙන්ම අළුත් වැඩියා කරනවා. නමුත් ආසියාවේදී එහෙම තත්වයක් නැහැ. අනෙක් කරුන නම්; යුරෝපයේ තමයි ලෝකයේ හොඳම කාර් රේස් ධාවකයෝ ඉන්නේ. එම නිසා යුරෝපා ශූරතාවයන් ඉතා උසස් හා තරඟකාරි මට්ටමකින් පැවැත් වෙනවා. අනෙක් කරුන තමයි යුරෝපයේ බොහෝ ධාවකයෝ මෙම ධාවන පථයන්හී කිහිප විටක් තරඟ වලට සහභාගි වෙලා ධාවන පථය ගැන හොඳ අත් දැකීම් තිබෙනවා. මට ඉමෝලා වල පුහුනු වෙන්න ලැබුනේ එක දවසයි. ඉතින් එවැනි ධාවකයෝ සමග ශූරතාවයක් ජය ගන්නවා කියන්නේ විශාල අභියෝගයක්. කෙසේ නමුත් එවැනි ශූරයන් සමග තරඟ කොට එක් ඉසව්වක් මට ජය ගැනීමට හැකි වීමත් විශේෂයෙන් ශ්‍රීලංකාව වැනි කුඩා රටක කොල්ලෙක් යුරෝපයේ දැවැන්තයන් සමඟ තරඟ කොට ජයග‍්‍රහාන හිමි කර ගැනීමත් ඉතිහාසගත සිදුවීමක්. එම නිසාම යුරෝපයේ ක‍්‍රිඩා පුවත්, මා ගැන විශේෂ ලෙස හදුන්වා දීමට පෙළඹුනා..

ප‍්‍රශ්නය:
ඉහත පැවැත්වූ ශූරතාවයේ දෙවන ස්ථානය හිමි කරගත් ඔබට තෙවන ස්ථානයට යෑමට සිදුවුනා. එසේ වුනේ ඇයි?

පිලිතුර:
අවසාන වටයට පෙර වටයේදී මට පසුපසින් පැමිනි වාහන දෙකක් අනතුරකට භාජනය වුනා. එබැවින් ධාවන පථය අවහිර වුනා. එමනිසා තරගය අවසන් කිරීමට බලධාරී විනිසුරු මඩුල්ල තීරනය කලා. එබැවින් ශූරතාවයේ නීතිරීති වලට අනුව අනතුරට පෙර වටයේ ස්ථාන ලබා දීමට ඔවුන්ට සිදුවුනා. ඒක තමයි නීතියානුකූල ක‍්‍රමවේදය. එම නිසා මට තෙවන ස්ථානය හිමිවුනා. නමුත් අනතුර සිදුනොවී තරගය අවසන් කලා නම් මට ප‍්‍රථමයා වෙන්නත් ඉඩ තිබුනා.

ප‍්‍රශ්නය:
ඉතාලියේ ඔබ සහභාගිවූ ශූරතාවය නැරඹීමට හා ඔබව ධෛ ර්‍්‍යයමත් කිරීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රීලාංකිකයෝ පැමින සිටියේය. ඒ ගැන ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?

පිලිතුර:
ලෝකයේ ඉන්න වාසනාවන්තම කාර් රේස් කී‍්‍රඩකයා මම වෙන්න ඇතැයි මම සිතනවා. හේතුව මම තරඟ කල හැම අවස්ථාවකම අපේ සහෝදර ශ්‍රීලාංකිකයෝ විශාල ප‍්‍රමානයක් ශ්‍රීලංකා ජාතික ධජයන් අතැතිව මට ධෛ ර්‍්‍යය ලබා දීමට පැමින සිටියා. නමුත් වෙනත් ක‍්‍රීඩකයන් වෙනුවෙන් ජාතික ධජ රැුගත් එහෙම පිරිසක් නියෝජනය වුනෙත් නැහැ. වෙලත් නැහැ. බොහෝමයක් නරඹන්නෝ රේස් එක බලන්න පැමිනියාට ධාවකයෝ දිරිමත් කිරීමට පැමිනි පිරිස් නොවෙයි. නමුත් අපේ ශ්‍රීලාංකිකයෝ සිය ගනනක් එක පොදියට නැරඹුම් ශාලාවේ ජය ඝෝෂා නගමින් කොඩි වනමින් මාව දිරිමත් කිරීමට පැමිනීම යුරෝපා මාධ්‍යයට පවා විශේෂ දෙයක් වුනා. එහෙම වෙන්නේ කලාතුරකින්. ඔවුන් ශ්‍රීලාංකික පේ‍්‍රක්ෂකයෝ ගැන විශේෂයෙන් සඳහන් කලා. එය යුරෝපයට අමුතු දෙයක්. ඔවුන්ගේ ජය ඝේෂාව තරඟය සඳහා මට නව පනක් ලබා දුන්නා. එම නිසා මා ඉපැදුන රටෙන් මට කිසිම අනුග‍්‍රහායක් නොලැබුනත් රටට හා ක‍්‍රීඩාවට ආදරය කරන පිරිසක් මාව දිරිමත් කිරීමට පැමිනීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ ගැන ඉතාලියේ ශ්‍රීලාංකික සහෝදර සහෝදරියන්ට මම විශේෂයෙන් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

ප‍්‍රශ්නය:
ඉපැදුන රටෙන් ඔබට කිසිම අනුග‍්‍රහායක් නොලැබුන බව පැවසුවා. වර්තමාන ක‍්‍රීඩා ඇමති ඔබ උපන් ප‍්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පැමිනි මන්ත‍්‍රී වරයෙක්. ඔබ ඔවුන්ව දැනුවත් කලාද ? එසේ නම් එහෙම වුනේ ඇයි?

පිලිතුර:
ඔයා දැක්ක නේද මගේ රේස් පදින වාහනය. ඉදිරියෙන්ම ගහලා තියෙන්නේ ශ්‍රීලංකා ධජය. අනෙක් කිසිම වාහනයක ඔවුන්ගේ ජාතික කොඩි ගහල නැහැ.ඇයි ඒ ? මම සැම විටම තරග කළේ රට වෙනුවෙන්. ජයග‍්‍රහාන ලබා ගත්තේ රට වෙනුවෙන්. නමුත් එහි ප‍්‍රතිඋපකාර ගැන සඳහන් කලෝත් ලැබුන දෙයක් නැහැ. අවශ්‍යය සියලූ දෙනා දැනුවත් කරලා තියෙන්නේ නමුත් වැඩක් නැහැ. අපි බලමු මොනවා හරි කරන්න යැයි වර්තමාන ඇමති තුමා වරක් මට පැවසුවා. නමුත් සිදුවූ දෙයක් නැහැ. ඔයා දකින්න ඇතිනේ පසුගිය කාලේ කෝටි ප‍්‍රකෝටි ගනන් වියදම් කරල දලදාා මාලිගාව ලඟ කාර් රේස් පැද්දෙ. අවශ්‍යයම නම් ඹ්න තරම් අත්දැකීම් කියන්න පුළුවන්. නමුත් නීරස දේවල් වලට කාලය වැය කරන්නේ ඇයි ? වැඩිපුරම තියෙන්නේ කලකිරීම්.අපි රටට ආදරේ කලාට රට අපිට ආදරේ නැහැ. කොටින්ම කියනව නම් මම පිටරට වල ජාත්‍යයන්තර රේස් ශූරතාවයන් දිනලා තියෙනවා. නමුත් එම රටවල තියෙන අපේ එම්බසියවත් මට කතා කරලා ස්තුතියක්වත් කරලා නැහැ. ඉතින් රට ගැන මොන කතාද නේද? නමුත් ප‍්‍ර‍්‍රථම වතාවට මම මෙවර පැරීසිියට පැමිනි වෙලාවේ ප‍්‍රංශයේ ඉන්න අපේ ලංකාවේ තානාපති තුමා මා වෙනුවෙන් පිලිගැනීමේ උත්සවයක් පැවැත්වුවා.ඒ වෙලාවේ මගේ ඇස් දෙක කඳුළු වලින් පිරුනා. ඒ මන්ද? මගේ අවුරුදු 37ක රේස් ඉතිහාසයේ එය තමයි මට රාජ්‍ය අනුග‍්‍රහායක් ලැබුනු ප‍්‍රථම අවස්ථාව. එවැනි අය තමයි අපේ තානාපති සේවයට පත් කල යුුත්තේ. එබැවින් ප‍්‍රංශ තානාපති බුද්ධි ආතාවුද මැතිතුමා ඇතුළු කාර්ය මන්ඩලයට මම විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා.

ප‍්‍රශ්නය:
තව කොපමන කලක් මෙම ශූරතාවයන්ට සහභාගි වන්නේද?

පිලිතුර:

අඩුම තරමින් තව අවුරුදු 10ක් වත් තරඟ වලට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා. දැනට මම තරඟ කරන්නේ මට වඩා වයස අවුරුදු 10ක 15කට පමණ වයසින් අඩු තරඟ කරුවන් සමග. රටට තියෙන ආදරයත් ක‍්‍රීඩාවට ඇති ආදරයත් හිතේ තියෙන හයියත් සමඟ තව කලක් තරඟ වලට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා.කාර් රේස් වලින් ගිනස් වාර්තාවක් තියලම මම රේස් වලින් සමුගන්නවා.

ප‍්‍රශ්නය:
මොකක්ද ඒ ගිනස් වාර්තාව?

පිලිතුර:
දැනට මම අවුරුදු 37ක් රේස් පැදල තියෙනවා. වැඩිම කාලයක් ජාත්‍යයන්තර තලයේ රේස් පැදපු කෙනා ලෙස ගිනස් වාර්තාවක් තියනවා.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 

View the embedded image gallery online at:
http://newstube.lk/news/231-dilantha-malagamuwa#sigProId9026c05812