රටම එකට එක්විය යුතු වැඩසටහනක් !

රටම එකට එක්විය යුතු වැඩසටහනක් !

විස මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් වෙනු­වෙන් රටම එකට එක් විය යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ප්‍රකාශ කළේය.


විස මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙ­යුම’ පිළි­බඳ මාධ්‍ය ආය­තන ප්‍රධා­නීන් දැනු­ම්වත් කිරීම වෙනු­වෙන් පසු­ගි­යදා (23) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති හමු­වට එක්වෙමින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව කීවේය.

දේශ­පා­ලන සහ ආර්ථික කරුණු සම්බ­න්ධ­යෙන් විවාද මතු කර ගත­හැකි නමුත් විස මත්ද්‍රව්‍ය උව­දුර රටින් තුරන් කර දැමීමේ ජාතික වග­කීම ඉටු කිරීමේ දී තව­දු­ර­ටත් කිසිදු විවා­ද­ය­කට ඉඩක් නොමැති බවත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහි දී අව­ධා­ර­ණය කළේය.

 

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේ ද කීවේය.


“මෙම ජාතික කර්ත­ව්‍යය සඳහා සියලු මාධ්‍යයේ දාය­ක­ත්වය අපේක්ෂා කර­නවා.

විස මත්ද්‍රව්‍ය ජාවා­රම සහ ඒ හා බැඳුණු අප­රාධ කල්ලි­වල මූල්‍ය බලය විසින් ආර්ථි­කය, සමාජ දේහය, රාජ්‍ය යන්ත්‍ර­ණය සහ නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය පවා බිඳ වට්ට­මින් රටත්, සමා­ජ­යත් විනාශ කර තිබෙ­නවා. මෙම උව­දු­රට තව­දු­ර­ටත් ඉඩ නොතැ­බී­මට වත්මන් රජය තීර­ණය කර තිබෙ­නවා. ඒ වෙනු­වෙන් සිය­ලු­දෙ­නාගේ දාය­ක­ත්වය අපේක්ෂා කර­නවා.

එමෙන්ම පසු­ගිය සමයේ දේශ­පා­ලන රශ්මි කද­ම්භය තුළ නිදැල්ලේ වර්ධ­නය වූ මෙම අප­රාධ අද රටත් සමා­ජ­යත් දැඩිව වෙළා­ගෙන තිබෙ­නවා. ඊට පොලී­සිය, රේගුව, මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රජයේ වග­කි­ව­යුතු ආය­ත­න­ව­ලින් සහාය ලැබී තිබෙ­නවා.

නැවත එවැනි තත්ත්ව­ය­කට ඉඩ නොතබා අනා­ගත දරු පර­පුර වෙනු­වෙන් මෙම ජාතික ව්‍යස­නය පරා­ජය කිරී­මට සියලු දෙනා වෙත අත්හළ නොහැකි වග­කී­මක් පැවැරී තිබෙ­නවා”.



එම ජාතික අර­මුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙ­යුම’ ක්‍රියා­ත්මක කෙරෙන අතර, පුළුල් ප්‍රචා­රක ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ විස මත්ද්‍රව්‍ය උව­දුර සම්බ­න්ධ­යෙන් සමා­ජය දැනු­ම්වත් කිරීම එහි ප්‍රධාන වැඩ­පි­ළි­වෙ­ළක් ලෙස ක්‍රියා­ත්මක කෙරේ. එම ප්‍රචා­රක වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී විදත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් ලබා­ගත හැකි දාය­ක­ත්වය පිළි­බඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මේ වන විට ජාතික ව්‍යස­න­යක් බවට පත්ව තරුණ ප්‍රජා­වගේ මෙන්ම පාසල් දරු­වන්ගේ ජීවිත අව­දා­න­මට ලක් කර ඇති විස මත්ද්‍රව්‍ය ජාවා­රම කේන්ද්‍ර කර ගනි­මින් බොහෝ අප­රාධ සිදු වන බවට ද නිරී­ක්ෂ­ණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශ­පා­ලන නාය­ක­ත්වය, කාර්ය­ක්ෂම තීරණ ගැනීමේ යන්ත්‍ර­ණ­යක් මෙන්ම පුළුල් මහ­ජන සහ­භා­ගි­ත්ව­යක් සහි­තව ජාතික මට්ටමේ වැඩ­ස­ට­හ­නක් ඔස්සේ එකී විස මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමිය යුතු බව හඳු­නා­ගෙන ඇත.

මෙම අව­ස්ථාව සඳහා සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, රාජ්‍ය සහ පෞද්ග­ලික විදත් සහ මුද්‍රිත මාධ්‍ය ආය­තන ප්‍රධා­නීහු සහ නියෝ­ජි­තයෝ, විනෝ­දා­ස්වාද කර්මා­න්ත­යට අදාළ ආය­තන ප්‍රධා­නීහු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

 

 

akd2

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න