ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර විසින් මෙම නියෝග කර තිබේ.
අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට ඊයේ (27) පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයාගෙන තිබුණි.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළිවී ඇත්තේ ඇය නැගෙනහිර, නොටෙල්පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත් නොහොත් ලක්ෂ්මි නැමති අයෙකු බවය.
ඇයගේ හැඳුනුම්පතේ ලිපිනය තංගල්ල ලෙස සඳහන්ව තිබුණද, ඇය පොලීසියට පවසා ඇත්තේ තමන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.
එමෙන්ම ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවටද පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත්, පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත භාවිත කර නඩු පොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන් ඇය අසත්‍යක් පවසන බවට සැක මතුව ඇති බව සඳහන්ය.
පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසියට භාර දීමෙන් පසු, ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
නඩුවක් නොමැතිව නඩුවක් ඇති බව පවසා අධිකරණ භූමියට ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සැකය මත, එම කාන්තාව අද (28) දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබු කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා සැකකාර කාන්තාව නොවැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

