එක් වෙයිද නැද්ද ? - මහින්දගේ ස්ථාවර හෙළිවේ !

එක් වෙයිද නැද්ද ? - මහින්දගේ ස්ථාවර හෙළිවේ !
එක් කොන්දේසියක් හැරෙන්නට අනෙක් සියලුම කොන්දේසිවලට එකඟ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමඟි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා ඉතා රහසිගතව තවදුරටත් පැවැත්වෙන අතර එක් කොන්දේසියක් හැරෙන්නට අනෙක් සියලුම කොන්දේසිවලට එකඟ වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත්වීම හැර අනෙකුත් කොන්දේසිවලට එකඟවන බවත් පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම්ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් එකඟතාව ලැබී තිබෙන බවත් එම ආරංචිමාර්ග පවසයි.

එසේ එකඟතාවකට පැමිණියහොත් "පුටුව" ලාංඡනය යටතේ පොදුජන එක්සත් පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට හැකි බවත් අපේක්ෂකයන්ගෙන් 50%කට වඩා බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇති බවත් වාර්තා වේ.

මීට අමතරව පොදුජන එක්සත් පෙරමුණේ සභාපති ධුරය සම්බන්ධයෙන්ද යම් නම්‍යශීලීත්වයක් ඇති කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙන බවද දැනගන්නට ඇත.

 යහපත් ප්‍රතිචාරයක් නැහැ :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන මේ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයෙන් තාමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. එහෙත් එම සාකච්ඡා තවදුරටත් සිදුකරන බව වාර්තා වෙයි.

මීට අමතරව පසුගිය දිනවල ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් සහ පසුගිය දිනවල ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් අතරද රහසිගත සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මේ අතර නාමයෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැනනැඟී ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමටද ස්ථාන කිහිපයකම සාකච්ඡා පැවැත්වමින් පවතී.

මහින්දගේ ස්ථාවරය මෙන්න :

basil 1

බැසිල් : ඒකාබද්ධය හසුරුවන් සුක්කානම

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විසින් පවත්වාගෙන යනු ලබන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පලාන මැතිවණය සදහා දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ ‘පොදුජන පෙරමුණ’ ලෙස තරග කිරීමට ඉඩ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසු බවයි.

එක්සත් ජාතික පක්ෂය සමගින් එක්ව මේ වන විට හවුල් ආණ්ඩුවක් කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධාන ගතවීමට අදහසක් නැති බවද ඒ මහතා සදහන් කල බව ද එම වෙබ් පුවතේ සඳහන් වේ.

ආන්ඩුවේ සිටින පක්‍ෂයක් සමග ‘පොදුජන පෙරමුණ’ සන්ධාන ගත වුවහොත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පොදුජන පෙරමුණද පිලිගත්තේ යයි ඇගවෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

මෙම හේතුන් නිසා ශ්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විරුද්ද වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න