පාසල් නිලඇඳුම් වවුචර්වලින් හොද්ද බොර වෙයි

පාසල් නිලඇඳුම් වවුචර්වලින් හොද්ද බොර වෙයි

පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීම සඳහා හඳුන්වාදුන් වව්චර් පත් ක්‍රමය නිසා 2015 වසරට වඩා 2016 වර්ෂයේදී එක් ශිෂ්යයකු වෙනුවෙන් රුපියල් 74.98ක් වැඩිපුර වැය කිරීමට සිදු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

2016 වර්ෂයේ දී අමාත්‍යංශය විසින් සිසුන් 4,342,381ක් දෙනෙක් සඳහා එක් අයකුට රුපියල් 529.22ක් බැගින් රුපියල් මිලියන 2,298.06ක පිරිවැයක් දරා ඇත.

2014 වර්ෂය වෙනුවෙන් වැය කර තිබූ මුළු මුදල 2013 වර්ෂයට සාපේක්ෂව සියට 38.77කින් වැඩි වී ඇති අතර 2015 වර්ෂයේ දී 2014 වර්ෂයට සාපේක්ෂව සියට 14.46කින් අඩු වී ඇත.

එහෙත් 2016 වර්ෂයේ දී වව්චර් පත් බෙදා දීම වෙනුවෙන් වැයකර තිබූ මුදල 2015 වර්ෂයේ වැය කර තිබුණු මුදලට වඩා සියට 11.91කින් වැඩිවීමක් බව වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න