නියමිත වෙලාවට ගුවන් යානා ඉන්ධන ආනයනය නොකිරීම නිසා, රුපියල් 480 ක වැඩිපුර මිලකට ඉන්ධන ලීටරයක් ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදු වී තිබේ.
පසුගිය 8 වන සිකුරාදා ඉන්ධන නැවක් පැමිණීමට නියමිතව තිබුණ ද එය ප්‍රමාදවීම නිසා ඉන්දියාවේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙට්‍රික් ටොන් 14000 ක් හදිසි මිලට ගැනීමට කටයුතු යොදා ඇත.
සාමාන්‍යයෙන් ගුවන්යානා ඉන්ධන ලීටරයක් ඩොලර් 1.70ක මිලකට ගන්නා අතර හදිසි මිලදී ගැනීමේ දී ඩොලර් 4.70ක මිලකට ගැනීමට සිදුව තිබේ.
අදාළ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාව ලබන 13 වන දින මෙරටට ළඟා වීමට නියමිතය.
එහෙත් එම කාලය තුළ දී ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධන සංස්ථාව තුළ පවතීද යන්න ගැටලූසහගතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
