විදේශ සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, උද්ධමනය, ණය බර ඉහළ යෑම සහ ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
අධික බදු පැනවීම සහ විදුලිය සහ ගෑස් මිල ඉහළ නැංවීම තුළින් රුපියල් ආදායම් වැඩි කිරීම (Revenue Augmentation) ට රජය සමත්වී ඇති නමුත්, රාජ්‍ය මුල්‍ය විනය පවත්වාගෙන යාමේ දී රජය දුර්වල කාර්ය දර්ශනයක් පෙන්වමින් සිටින්නේ යැයි, එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
ඔහු මේ බව සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වන විට රු. බිලියන 17,595.05 ක් වූ ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 සැප්තෑම්බර් අවසන් වන විට රු. බිලියන 18,701.46 දක්වා රු. බි. 1,106.41 කින් වැඩි වී ඇති බවත්, 2024 අවසානයේ රු. බිලියන 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය 2025 සැප්තැම්බර් වන විට රු. බිලියන 10,974.34 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි.


