මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කර, පැහැර ගෙන, උදුරා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය .
ඔහු මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ ජනතාව සමග කෑල්ල කොට්ඨාසයේ හොටෙල් J හි පැවැත්වූ ජනහමුව අමතමිනි.
එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
අධ්‍යාපන අයිතිය අසභ්‍යකරණයකට ලක් කරලා
''රටේ වටිනාම සම්පත වන දරු සම්පත ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම, හොඳ වර්තමානයක් අනාගතයක් උදාකරලීම ආදී සුන්දර බලාපොරොත්තු සෑම දෙමාපියකුට ම ඇති තිබෙනවා. මේ සුන්දර බලාපොරොත්තුව තහවුරු කරන්නට සැවොම කැපවෙනවා. මේ සුන්දර බලාපොරොත්තුව සුවිශේෂී ඉලක්ක සම්පූර්ණ කර ගන්නට සෑම දෙමාපියකුම රජයෙන් අපේක්ෂා කළත් මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන කාටවත් සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී පැහැර ගෙන උදුරා ගෙන තිබෙනවා. ළමා මනස විකෘති කරන අසභ්‍යකරණයකට අධ්‍යාපන අයිතිය ලක් කරලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනස්කම් තුළින් අපේක්ෂා කරන්නේ ෆින්ලන්තයට, ජපානයට, මැලේෂියාවට, යුරෝපා රටවලට වඩා වැඩි උසස් අධ්‍යාපනයක් අප රටේ දරුවන් ලබා දීම වුවත් අද ක්‍රියාත්මක වන්නේ මනස විකෘති වන අධ්‍යාපනයක්. මෙය දියුණුවට නොව අසභ්‍යකරණයට ලක් කරන, ශීලාචාර භාවය වෙනුවට අශීලාචාරභාවයත්, ශිෂ්ටසම්පන්න භාවය වෙනුවට අශිෂ්ටත්වයත්, ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ක්‍රමයේ වෙනසක් කියූ වත්මන් රජය අසභ්‍යකරණය විකෘතිකරණය යන ක්‍රමයේ වෙනස පමණක් සිදු කර තිබෙනවා.
ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස වූයේ මෙය නොව ශිෂ්ටසම්පන්න රටක් බිහි කිරීම වුවත් අද අධ්‍යාපනය අසභ්‍යකරණය වීම තුළ ජනවරම පවා පාවා දී ඇති බවත් අසභ්‍යකරණයට අධ්‍යාපනය වහල් කිරීම හරහා ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අහිමි කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව සෑම දෙමාපියෙක්ම අධ්‍යාපනයේ වර්තමානය සහ අනාගතය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉතිහාස විෂය ද අනිවාර්ය විෂයක් කළ යුතුයි
තමා ද විශ්වාස කරන ආකාරය මේ අධ්‍යාපනය තුළින් දරුවන්ට සාධාරණයක් ඉටු නොවන නිසා STEAM අධ්‍යාපනය කෘත්‍රීම බුද්ධිය රොබෝ තාක්ෂණය තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්‍රවලට ප්‍රමුඛස්ථානය ලබා දෙන අධ්‍යාපනයක් ඇති කළ යුතු යි. එසේම ඉතිහාස විෂය ද අනිවාර්ය විෂයක් කර සමබර ලෙස කටයුතු කළ යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු කරන්නෙ නැහැ. විවිධ මොඩියුල හරහා සුහුරු උපකරණ භාවිතය නිර්දේශ කළත් පාසල් සිසුන්ගෙන් සුහුරු උපකරණ ඇත්තේ අතලොස්සකට පමණයි. අප රටේ සෑම සිසු දරුවකුට ම නියමිත ආරක්ෂිත මෙවලම් සහිත සුහුරු උපකරණ සහ ඒ සදහා ප්‍රවේශය තිබිය යුතු යි. ඒවා නිසි ආරක්ෂිත ක්‍රමවේද සහිතව අසභ්‍යකරණයකට ලක් නොවී සිදුවිය යුතු යි. මෙය රජයේ වගකීමක්.
නිවැරදි පරිවර්තනයකට ලක් කිරීමේ ගමනට එක් වන්න
උද්දච්චකම තුළින් රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න බැහැ. එය සිදු විය යුත්තේ සාකච්ඡාවෙන් සහ අදහස් හුවමාරුවෙන්. එවැනි සාකච්ඡාවක් නොවූ නිසා අසභ්‍යකරණයක් රටේ අධ්‍යාපයට ඇතුළත් වී තිබෙනවා. මෙය නිවැරදි විය යුතු යි. මූලික හා මානව අයිතිවාසිකමක් වන අධ්‍යාපනය අප රැකගත යුතු යි. ජාති ආගම් පන්ති පාට පක්ෂ භේද නොසලකා දරුවන් සිටියත් නැතත් වැඩිහිටියන් දෙමාපියන් පුරවැසියන් ලෙස නිදහස් අධ්‍යාපනය බේරා ගෙන සභ්‍යත්වය ශීලාචාරත්වය හරහා නිවැරදි පරිවර්තනයකට ලක් කිරීමේ ගමනට එක් විය යුතු යි.''

