සිංගල් මම්'' හමුවෙන්න; 17වන දා ගම්පහට එන්න

සිංගල් මම්'' හමුවෙන්න; 17වන දා ගම්පහට එන්න

සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.

ජනවාරි 17වන සෙනසුරාදා උදේ 10ට පැවැත්වෙන මෙම සාහිත සංවාදයට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට සපැමිණෙන්නට ඔබටත් පුළුවන්.

මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී සුනන්දා රණසිංහ, භූෂන් ප්‍රදීප්, සහ ජයසිරි අලවත්ත මූලිකව අදහස් දැක්වීම් සඳහා ප්‍රවේශය ලබාදීමට නියමිත යි.

මෙවර පැවැත්වෙන 90වන සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ ඉසුරු වික්‍රමසිංහ විසින්.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහි දී 'සිංගල් මම්' නවකථාව පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍යලෝලී ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදා ගැනීමට පුළුවන්.

WhatsApp Image 2026 01 14 at 09.39.42 1

 

මලික් තුසිතගේ 'සිංගල් මම්' නවකථාව කියවූ, නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මෙම සාහිත්‍ය කතිකාවට එක්වන ලෙසට අපි ආදරයෙන් ඇරයුම් කරනවා!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'සිංගල් මම්' නවකථාව මිලදී ගන්නත් ඔබට හැකියාව තිබෙනවා.

එහෙනම්, ජනවාරි 17වන සෙනසුරාදා උදෑසන ආසියානු සාහිත්‍ය නිවහනේ දී මුණගැසෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන 'සෙනසුරාදා සහෘද කතාබහ' ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ.

එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි! 

 

තැන හරියට ම බලාගන්න මේ Google Map යොමුවෙන්:

https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න