Image

ලංකාවේ සමාජ මාධ්‍ය දුප්පතුන් ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා නොකරන්නේ ඇයි..? - Ideas front වීඩියෝවක්

ලංකාවේ සමාජ මාධ්‍ය දුප්පතුන් ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා නොකරන්නේ ඇයි..? - Ideas front වීඩියෝවක්

ලංකාවේ සමාජ මාධ්‍ය කෙතරම් ක්‍රියාශීලී වුව ද දුප්පතුන් ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන කිසිදු මාධ්‍යයක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ බරපතළ ලෙස ආර්ථික ප්‍රශ්න පැවතිය ද රාජ්‍ය මෙන් ම පුද්ගලික විද්‍යුත් මාධ්‍ය පවා ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ රාජපක්ෂවරුන් ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝක ආහාර සංවිධානයෙහි දත්තවලට අනුව 26%ක් සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් යට බවයි.

තවත් සරලව පවසන්නේ නම් 2019 – 2020 පමණ වන විට අන්ත දිළිඳු තත්ත්වයෙහි සිටි 5%ක ප්‍රමාණය මේ වන විට 26%ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න