දීප්තිව රූපවාහිනියට ගෙන්වීම පිළිබඳව කලබල වී ඇති බොහෝදෙනා පිළිබඳව අපේ කලබලයක් නැත. ඊට හේතුව පහදා දිය හැක්කේ දීප්ති ගේ මේ සංවාදය තුළින්ම ය. අපි ඒ සඳහා එළඹුමක් ගනිමු.
1-මාලිමා ආණ්ඩුව විපක්ෂයේ අයව හිරේ දැම්මට මට මොකෝ-දීප්ති/සංවාදයේ පළමු අර්ධය.
2-මම ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ මේ අයට පොදු සමාවක් දෙන්න කියලා-දීප්ති/සංවාදයේ දෙවන අර්ධය.
පලමු අර්ධයේ දීප්ති ගේ අදහස් දැක්වීමේ පූර්ණ පරස්පරය දීප්ති දෙවන අර්ධයේ ඉස්මතු කරයි. මෙතනදී දීප්ති භයානක දේශපාලන ක්‍රීඩාවක් රාජ්‍ය මාධ්‍ය මත ම ක්‍රීඩා කරයි. එනම් මනුෂ්‍යයෙකු ගේ ජීවිතයේ පතුල තුළ ඇති(ආත්මය) පරස්පරය තමාවම පරීක්ෂාවට භාජනය කිරීම සදහා අතහරියි. මෙය භයානක වන්නේ ඒ තුළ ගිලී යන්නේ දීප්ති නිසා ය. නමුත් මෙය ආපසු සමකාලීන දේශපාලනය මත පිහිටියා වූ කතිකාවට එක්වූ පසු සියලු ම දෙනා පරීක්ෂාවට භාජනය වෙයි. එහි මුල් පියවර වංගීස සුමනසේකර තබා ඇත.

වේදනාවෙන් සතුටු වීම නම් ස්වයං අර්ථය හරහා යෑම

සෑම මනුෂ්‍යයෙකුම තුළ ඇති මේ පරස්පරයට අපි කියන්නේ "අභ්‍යන්තර ප්‍රතිවිරෝධය" කියාය.[ මෙයට පැරැණි වම කීවේ ස්වයං - විවෙචනය කියාය. නූතනය තුළ මෙය හඳුන්වන්නේ වේදනාවෙන් සතුටු වීම නම් ස්වයං අර්ථය හරහා යෑම කියාය.- Traversing fantasy.] රනිල් හෝ සජිත් මෙන්ම ටිල්වින් හා කුමාර්ද එකතු නොවන්නේ මාක්ස්වාදය හෝ ධනවාදය හෝ IMF පිළිබඳව ගැටලුවක් නිසා යැයි සිතීම මරිමෝඩ කමකි. එය සිදු වන්නේ ලූබ්ධිමය වෙනස් කම් නිසාය. මේ පුද්ගලයන්ගේ යට ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නිසා මේ එකතුවීම් ප්‍රතික්ෂේප වන්නේ අභ්‍යන්තරයෙන්ම ය. එය එනිසා සද්භවවාදීය. [ Ontological ] බාහිර ලෝකය තුළ, උත්සව සදහා සහභාගි වීම,.අතට අතදීම, සිනහ වීම, කතා කිරීම සිදුවුවද අපිට දෘශ්‍යමානයේ නොපෙනී යන්නේ මේ අභ්‍යන්තර හරස් ප්‍රතිවිරෝධතාවයි.
දීප්ති, මෙතනදී කරන්නේ පරීක්ෂණාගාරයේ මේසය මතට තමන්ගේම ආත්මය කැදවා කරන සියුම් ශෛල්‍ය කර්මයකි. රසික ජයකොඩි පවා තිගැස්සෙන්නේ මේ ප්‍රතිවිරෝධතා කලාපය ඔහුට අවිඥානිකව ග්‍රහණය වෙන නිසා ය.
සත්‍ය තුළ අපි සියල්ලෝ ම දෙපළු වීම
දීප්ති කුමාර ගුණරත්න
ලංකාවේ දේශපාලනය තුළ සිටින්නේ ඒකීය සෛල සහිත වමාශික මෝඩයන් සහ තක්කඩි ලිබරල් ජීවීන් වන විට දීප්ති එහි දෙබෙදුම පෙන්වයි. භාෂාව හා ආත්මය අතර ඇති ප්‍රතිවිරෝධතාව (කියන්නේ එකක් කරන්නේ එකක්) තමන් මතම ස්ථාපිත කරයි. වංගීසලා කලබල වෙන්නේ ඒ හරහා තමන් ගේ ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා කලාප ස්පර්ශ කරන නිසා ය. පුද්ගලයකුට මෙහෙම එකිනෙකට පරස්පර දේවල් පැවසිය හැකිදැයි කියන විටම එසේ නොකරනවා යැයි සිතන "තමාවම" ෆැන්ටසි කරයි. නමුත් සත්‍ය තුළ අපි හැමෝම මේ ආකාරයෙන් දෙකට පැළී ඇති බව දීප්ති අපිට කියාදෙයි.[ Split subject ]
සමාජයක් වෙනස් කළ හැකි වෙන්නේ සිය අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවය පිළිගන්නා මනුෂ්‍යයින්ට විනා ඒකීය සෛලික විනෝද ජීවීන්ට නොවේ. විනෝදය සහ අර්ථය අතර වෙනස ලකුණු වෙන්නේ එතැනිනි. පළමු අර්ධයේ දී දීප්ති කියන ප්‍රකාශය නිසා විනෝද වෙන ආත්මයේ "විනෝදය"(හිරේ දැම්මට මට මොකෝ) දීප්ති දෙවන අර්ධයේදී එය කුඩුපට්ටම් කරයි (පොදු සමාව). විනෝදය ලබාදු න් මනුෂ්‍යයාව ම දීප්ති නැවත අර්ථයට ගෙනෙයි. වංගීසලා ඔළුව පොළොවේ ගසා ගන්නේත්, පෙරටුගාමී විප්ලවවාදීහු දත් ඇදි හපාගන්නේත් මේ නිමේෂයේ දී ය.
රෙනෝ, දිලිත් යනාදිහු දීප්තිව නොදැකීම
සත්‍ය වෙනුවෙන් සහ ස්වයං විවෙචනය උදෙසා තමන්ව ම නිරාවරණය කිරීම පිළිබඳව බාහිර සමාජය කලබල වූවාට සංවිධානයක් වශයෙන් අපි කලබල නැත. දීප්තිගේ න්‍යායික පහරදීම් අපිට හුරු පුරුදු ය. ඔහු දේශපාලනය වෙනුවෙන් තමන්වම ඔට්ටු ඇල්ලීම පිළිබඳව අපි සංවිධානයක් වශයෙන් ආඩම්බර ය. එවැනි තමන්වම පාවාදීමකින් තොරව මේ සමාජය වෙනස් කළ නොහැකි ය. ගැටලුව වන්නේ දීප්තිව නැවත රූපවාහිනිය වෙත ගෙන්වීමට මාලිමාව (ජ.වි.පෙ.) නිර්භීත ද යන්න යි. රෙනෝ, දිලිත් වැනි අය දීප්තිව නොදැකීම සිය ආත්මයේ ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවලට බිය වීම හරහා එන තීරණයකි. ජ.වි.පෙ.එම වැට කඩුල්ල පැන ඇත. ඒ මාවතේ සත්‍ය තිබේ. ඊට මුහුණ දීමට ජ.වි.පෙ.ට ශක්තිය හා ධෛර්‍යය ලැබේවායි යන්න අපේ පැතුමයි.
---ඉන්දික-----
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
