ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු විදිහට වැඩිම බොරු පොරොන්දු දී ජනතාව රැවටූ නායකයා වෙන කිසිවකු නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) පැපිළියාන පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති නව ජනතා පෙරමුණ කොළඹ දිසා සමුළුවේ දී ය.
එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගිෂ්වර බණ්ඩාර...
එක ම අරමුණ බොරුව සහ වෛරය සමාජ ගත කිරීම
අප පක්ෂයේ පක්ෂ සම්මේලනය මැයි මාසයේ පවත්වනවා. එය දෙවන ජාතික සම්මේලනයයි. ඊට ප්‍රථම අපි තීරණය කළා දිස්ත්‍රික් සම්මේලන පැවැත්විය යුතු බව. ඒ අනුව අපගේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ යෝජනා කර සිටියේ කොළඹින් අපි මේ වැඩේ පටන් ගනිමු කියලා. ඒ අනුව බොරුවෙන් මුළා කළ රටට හරි මගක් යන තේමාව පාදක කරගෙන අපි කොළඹ දිස්ත්‍රික් සමුළුව මේ විදිහට යොදා ගත්තේ.
අපි දන්නවා ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු විදිහට වැඩිම බොරු පොරොන්දු දිලා අපිව රවට්ටපු නායකයා වෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා. වෙන කිසිම නායකයෙක් පාලකයෙක් ජනාධිපතිවරයෙක් කවදාවත් මෙවැනි බොරු පොරොන්දු දුන්නේ නෑ. හැබැයි ජනාධිපතිවරයෙක්ට ම අභිලාෂයක් තිබුනා, අරමුණක් තිබුණා, දැක්මක් තිබුණා ප්‍රතිපත්තියක් තිබුණා රට ගොඩනගන විදිහ ගැන. හැබැයි මාස 16ක් සම්පුර්ණ වන අද දවසේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වත් පාපිසි 159 දෙනාටවත් එවැනි වැඩපිලිවෙළක් අපි දැකලා නෑ. ඒ නිසා මෙයාල ගේ අරමුණ දැක්ම වැඩපිළිවෙළ වෙලා තියෙන්නේ බොරුව සහ වෛරය සමාජගත කරලා ඒතුළින් කොහොමහරි රට ඉස්සරට ගෙන යන එක.
ඒකාධිපති වියරුව පරාජය කරනවා
මාස 16 ක් ගතවෙලා තියෙද්දිත් දුන් එක පොරරොන්දුවක් වත් ඉෂ්ට කළේ නෑ. විදුලි බිල 1/3 කින් අඩුවෙලාත් නෑ, ජල බිල අඩුවලා නෑ, පෙට්ට්‍රල් රු 150 ට ලැබෙන්නෙත් නෑ, බඩු මිල අඩුවෙලා නෑ, සෞඛය කේෂ්ත්‍රය මත පනවපු බදු අඩුවෙලා නෑ, පාසල් උපකරණ මත පනවපු බදු මිල අඩු වුනේ නෑ, විශ්‍රාමික වැටුප් වැඩි වුනෙත් නෑ, රාජ්‍ය සේවක වැටුප් වැඩි වුනෙත් නෑ. ඒ නිසා රටේ හැමතැනම තියෙන්නේඋද්ඝෝෂණ රැල්ලක්. රටේ වෛද්‍යවරු හෙදියෝ ගුරුවරු උද්ඝෝෂණය කරනවා. හැමතැනම උද්ඝෝෂණ රැල්ලක් යනවා. ආණ්ඩුව මේ උද්ඝෝෂණවලට පිළිතුරු දෙනවා වෙනුවට ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා ඒකාධිපති වියරුව. ආණ්ඩුව උත්සහා කරන්නේ මර්දනයෙන් හා තර්ජනයෙන් මේ රට ඉදිරියට අරන් යන්න. ඒ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ පාපිසි159 දෙනාට අපි කියනවා හිරගෙවල් වල දැම්මත්, ඝාතනය කළත් ආණ්ඩුව ගෙනියන මේ ඒකාධිපති වියරුව අපි එකාවන්ව පරාජය කරන්න සුදානම් කියලා.
පැලවත්තේ කාඩර්වරු පාරට ගෙනල්ලා
ඒකාධිපති වියරුව දැන් දරුවන් මත මුදා හැරලා තියෙනවා. අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නෑ. පොත් බෑගයේ බර අඩුවෙන්න ඕන, දරුවන් නවීන තාක්ෂණය ගැන කතා කරන්න ඕන, රොබොටික් ගැන දරුවන් දැන ගන්න ඕන, දරුවන් AI තාක්ෂණය ගැන දැනගන්න ඕන. අපි මේවා එපා කියන්නේ නෑ. අපි කියන්නේ මේ රට ඉල්ලන හයියට හැදෙන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික නාස්ති වෙනවට අපි විරුද්ධයි. දරුවෝ දෙදෙනෙක් සිටින තාත්තා කෙනෙක් විදිහට මට අවශ්‍ය මගේ දුවයි පුතයි මේ ඉතිහාසයට ආදරය කරන, රටේ ආගම දහමට සංස්කෘතියට ගරු කරන රටේ සභ්‍යත්වයට ගරු කරන දරුවන් කරනවා විනා " හායි හලෝ,හායි මෙයා" සඳහා හැඩගස්සවන්න නෙමේ. ඒවා සඳහා අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපි කිව්වේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වහාම හකුළා ගන්න කියලා. අධ්‍යාපන ඇමතිතුමිය අද බලහත්කාර කම් කරමින් පැලවත්තේ කාඩර්වරු පාරට ගෙනල්ලා උද්ඝෝෂණය කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. අපි අහන්න කැමති දරුවෝ ඉන්න දෙමාපියන් විදිහට කොල්ලෝ කොල්ලෝ කසාද බදින කෙල්ලෝ කෙල්ලෝ එකට ඉන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි කොහොමද කැමති වෙන්නේ කියලා. ඒ නිසායි අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න කියලා කියන්නේ.
නිවැරැදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අත් දෙකම ඔසවනවා
මගේ දුව 6 වසරේ. මගේ දරුවා අහනවා මොකක් ද මේ සමලිංගිකත්වය කියන්නේ කියලා. මන් ඒ ගැන කිව්වම මම තාත්තා කෙනෙක් විදිහට අපහසුතාවයට පත් වුණා කියලා. ඩෝබි බළකාය, වීරප්පන් බළකාය මට මඩ ගහනවා. මගේ අම්මා තාත්තා පවා මතක් කරලා. තේරුම් ගන්න මේ පහර ගහන්නේ රටේ සභ්‍යත්වයට. මුලින්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගෙනාවේ ඉතිහාසය, සෞන්දර්ය අයින් කරලා. ඊළඟට ගෙනාවේ මේ Web link එක. මේ පොතේ 147ක් මොඩියුලවල තියෙනවා ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළුවා ගත්තේ. මේ ඒකාධිපති වියරුව දාලා බලෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප මත බලෙන් පටවන්න හදනවා.ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔය ඒකාධිපති වියරුවට අපි බය වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් සටන් කරනවා. හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඒ සඳහා අපි අත් දෙකම ඔසවලා කැමැත්ත ප්‍රකාශ කරනවා.
මෙන්න යැංකි බඩී
ජනතා විමුක්ති පෙරමුණ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට දිගින් දිගටම චෝදනා කළා ඒකාධිපතිවරයෙක් කියලා. නමුත් අද ඒකාධිපතියා කියලා චෝදනා කරපු ජනාධිපතිතුමාට අද ඒ ඒකාධිපති ඇඳුම අදින්න වෙලා තියෙනවා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් බහුපක්ෂ හකුළමින් පැලවත්ත මුලස්ථානයෙන් උත්සහා කරනවා මුළු රටම පාලනය කරන්න. එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ගේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වුන ජනතා විමුක්ති පෙරමුණ අද ඒකට පක්ෂයි. එදා විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණ අද ඒකට පක්ෂයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අවස්ථා වාදි බලය ලබා ගැනීම සඳහා ඕනෑම දෙයක් සිදු කරන පාවා දෙන ප්‍රතිපත්තියක් නැති දේශපාලන ව්‍යාපාරයක්. නමුත් ජේ ආර් ජයවර්ධන මහතා ගේ දේශපාලන රටාව හරි යැයි අපි කියන්නේ නෑ. නමුත් එතුමා ගෙන් පුර්ණ සේවාවක් ලබා ගන්න බැරි වුණා. රටට එතුමාට යැන්කි යැන්කි යයි ප්‍රකාශ කිරිම නිසා. අනුර කුමාර ජනාධිපතිතුමාට සිදු වෙලා තියෙන්නේ යැන්කි බඩී වෙන්න.
එදා චිට් කෑල්ලෙන්; අද නීතියෙන්
මීලගට ආණ්ඩුව තමන්ගේ ඒකාධිපති වියරුව ගෙනල්ලා තියෙනවා අධිකරණ කේෂ්ත්‍රයට. එදා 88/89 භීෂණ කාලේ චිට් කෑල්ලට, ටී 56ට, අත් බෝම්බයට තමා මුළු රටම පාලනය කරන්න ගියේ. එදා මගේ තාත්තා මට අවුරුදු 04 දී වෙඩි තබා ඝාතනය කරාට පස්සේ මගේ අයියා මට කිව්වා අයියා මුහුණ දුන්න පලමු ප්‍රශ්නය තමා තාත්තා ගේ මළ ගෙදරට කොහොම ද සෙනඟ ගෙන්න ගන්නේ කියලා. තාත්තා නීතිඥයෙක්, වැඩ බලපු මහේස්ත්‍රාත් වරයෙක්, දේශපාලඥයෙක්. ඇඹිලිපිටිය වීරකැටිය සබරගමුව ප්‍රෙද්ශයේ විශාල ජනතාවක් තාත්තා ආශ්‍රය කළා . හැබැයි මිනිස්සු මළ ගෙදර එන්න බයයි. මොකද තාත්තාව ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ නාදුනන තුවක්කු කරුවන්. ඒ නිසා මගේ සහෝදරයාට වුණා ජනතා විමුක්ති පෙරමුණේ අපේ ගමේ සන්නහා සන්නන්ධ නායකයා සමග කතා කරන්න. ඒ නිසා එදා රජ කළේ කැලෑ නීතියක්. හොද වෙලාවට දණින් පහළට මරණය ඔසවන්න එපා කියලා නියෝගය දුන්නේ නෑ. හොඳ වෙලාවට මිනිස්සු එන එක තහනම් කළේ නෑ. එහෙම කළා නම් මගේ තාත්තා ගේ මළගෙදරට අවසන් ගෞරව දක්වන්න එකතු වෙන්නේ මගේ පවුලේ ඥාතින් විතරයි. ඒ නිසා එදා ගල් කටස් එකෙන් තුවක්කුවෙන් චිට් කෑල්ලෙන් කළ වැඩේ අද නීතිය භාවිතා කරලා කරන්න හදනවා. අද මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කරනවා, නිතිපතිතුමාව හෑල්ලුවට ලක් කරලා, නීතිපතිතුමා ගේ කාර්යාලය ඉදිරිපිටට පැලවත්තේ ඩෝබි බළකාය යනවා උද්ඝෝෂණය කරන්න. රටේ කවදාවත්ව නොවුණු දේවල් . නිතිපතිතුමා බය කරලා තමන්ට අවශ්‍ය නඩු තීන්දු දෙන්න, තමන්ට අවශ්‍ය අය අත්අඩංගුවට ගන්න තමයි මෙහෙම කරන්නේ. ආණ්ඩුවේ මේ නීතිය හමුවේ මුදා හැර තිබෙන ඒකාධිපති වියරුව අනිවාර්යයෙන්ම පරාජය කරනවා කියලා අපි කියන්න කැමතියි.
නොනිල ජනපති පැලවත්තේ
ඊගලට මේ ඒකාධිපති වියරුව ඇවිත් තියෙනවා අපේ ශාසනය මත. මේ රට හැමවේලේම රැක්කේ ඔබ වහන්සේලා. දුටුගැමුණු මහරජතුමා එළාර සමග සටන් කරද්දි සිටිය දසමහා යෝධයින් සමග සිටියා. තේරපුත්ථාභය මහරහතන් වහන්සේ. සිවුරු පැත්තකින් තියලා රට වෙනුවෙන් සටන් කළා. යුද්දෙන් පස්සේ පුස්සදේව යෝධයා මහන වෙනවා. පුස්සදේව මහරහතන් වහන්සේගේ සොහොන තියෙනවා සංඛපාලි විහාරය අසල. ධාතුසේන කෙනෙක් හදලා වඩලා රටට ඉදිරිපත් කලේ අපේ හාමුදුරුවන් වහන්සේ. මේ රට අරාජික වෙලා බැමිණිතිතියා සාගතය ඇවිල්ලා මේ රටේ පස්චෝල ආක්‍රමණය ආපු වෙලාවේ වළගම්බා රජුට නැවත රජකම ලබා ගන්න උදව් කළේ ස්වාමින් වහන්සේලා. එදා කැප්පෙටිපොළට හිටිය හයිය අපේ ස්වාමින් වහන්සේලා, පුරන්අප්පු ගේ අතට කඩුව දුන්නේ අප් හාමුදුරුවන් වහන්සේලා, සුද්ද ගේ කොඩිය බිමදාලා පැගුවේ අපේ හාමුදුරුවන් වහන්සේලා, අපේ රටේ ඉතිහාසයට, රටට අනතුරක් ආවානම් හැමැදාමත් අපේ හාමුදුරුවන් වහන්සේලා බැලුවේ නෑ තමන් ගේ ජීවිත ගැනවත්. ඉදිරියට ඇවිත් සටන් කළා. අද ඒ පරපුරේ හාමුදුරුවන් වහන්සේලාට කියනවා චීවරධාරින්ලු, වනචාරීන්ලු. සිවුර නෙමේ මොන යුනිෆෝම් එක ඇදන් ආවත් සටන් කරන්න සුදානම්ලු. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා පෙනී සිටින්නේ මේ රට වෙනුවෙන්. ඒ ප්‍රකාශය සිදු කළ ලාල් කාන්න ඇමතිතුමන්ට අපි කියනවා ඒ ලාල්කාන්ත ගේ ප්‍රකාශය නොවේ . එය පැලවත්තේ නිල නොවන ටිල්වින් සිල්වා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය.
ලාල්කාන්ත ගේ අභියෝගය සුළුපටු නෑ
මේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින් ද ජයතිස්ස. පැලවත්තේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා ලාල් කාන්ත. ඒ නිසා පැලවත්තේ ප්‍රකාශය අතිශයින් භයානකයි. මේ ආණ්ඩුවට කවුද විරුද්ධ වන්නේ ඔවුන්ට නඩු දානවා,නැත්නම් හිරේ දානවා. කන්ටේනර් 323 ගැන ඉස්සෙල්ලාම පැමිණිල්ල දැම්මේ ඩැන් ප්‍රියසාද්. පැමිණිල්ල දාලා මාසයක් වත් ගියේ නෑ. ඩෑන් ට මොකද වුනේ. පාතාල කල්ලි ගැටුමකින් ඩෑන් ප්‍රියසාද් වෙඩි වැදි මිය යනවා. ඊළඟ අභියෝග කළා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත මහතා, මොකද වුණේ? සභාපතිට සභා වාර දෙකක්වත් ඉන්න බැරි වුණා. නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළා. ඊළගට අල්ලස් හා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂවරයා ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයෙක් කියලා අභියෝග කළ නන්දන ගුණතිලක හිටපු ඇමතිවරයා හදිසියේ ම අපෙන් සමුගන්නවා. අපිට ලැබී තියෙන තොරතුරු අනුව නම් නන්දන ගුණතිලක මහතා මියගියේ ටිල්වින් සිල්වාගේ අපරාධ හා දුෂණ තොරතුරු මහා ගොඩක් සඟවාගෙන. ඒ නිසා තමයි එතුමා ගේ නංගි ගිහිල්ලා පැමිණිල්ලක් දාන්නේ මරණය සැකයි කියලා. හොදට හිටපු මනුෂ්‍යයකු ගේ අක්මාවේ පුංචි ලෙඩකට රෝහල් ගත වුණා. වකුගඩු දෙකම නරක් වෙලා ජීවිතයට සමුදුන්නා. ඒ නිසා ලාල්කාන්ත ගේ තර්ජනය අපට පැහැදිලියි.
සාහාරාන් පරපුරේ දේශශකයා
අපි සුදානම් ඒ සඳහා. නමුත් මේ හදන්නේ තර්ජනයෙන්, මර්දනයෙන්, මේ රට ඉදිරියට ගෙනියන්න. බුදු දහමට මෙතරම් පහර දෙන්නේ ඇයි? බුද්ධ ශාසන අමාත්‍යංශය අයින් කළා, කතෝලික ඇමතිවරයෙක් පත් කලා, නියෝජ්‍ය ඇමතිවරයා දැම්මා මුස්ලිම් ජාතිකයෙක්. අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි ඇමතිවරයාට අපේ හාමුදුරුවෝ ඉස්සරහා කොන්ද නැමෙන්නේ නැත්නම් මේ රටේ සිංහල බෞද්ධයා කාටද ගිහිල්ලා ප්‍රශ්නයක් කියන්නේ? ඒ ඇමතිවරයා සංවේදී නැත්නම්. නියෝජ්‍ය ඇමතිවරයා හාමුදුරුවන්ට අතට අත දෙනවා. අපේ ඥාණසාර හාමුදුරුවෝ කියන විදිහට ඔහු සාහාරාන් පරපුරේ දේශන කරන කෙනෙක්. ඔන්න ඕකයි අද සම්බුද්ධ ශාසනයට අනුර කුමාර දිසානායක මහත්තයා දිලා තියෙන තැන. බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවෝ ඉන්නවා රක්ෂිත බන්ධනාගාර ගත කරලා. තවත් හාමුදුරුවන් සමග. අද ශාසනයට කරන්න පුළුවන් උපරිම වින ටික කරලා තියෙන්නේ.
ටිල්වින්ට එරෙහිව අපි එක මිටට
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුනේ මුහුදේ ඉන්න මාළුවෝ ටික හොයාගන්න ඇප් එකක් .හැබැයි ඔහු හදුන්වා දුන්නේ කොල්ලෝ කොල්ලෝ එකට ඉන්න කෙල්ලෝ කෙල්ලෝ එකට ඉන්න ඇප් එකක්. නව ජනතා පෙරමුණ වන අප විසින් පසුගිය වසර පුරාවට දිනේෂ් අබේකෝන් විකුම් කිත්සිරි මහත්වරුන්ගේ මුලිකත්වයෙන් පැමිණිලි පිට පැමිණිලි දැම්මා,උද්ඝෝෂණ කලා . ඉදිරියටත් අපි ඒ විදිහටම මේ බොරුවෙන් මුලා කරපු රට ගොඩගන්න කටයුතු කරනවා කියලා අපි මතක් කරනවා. මේ ආණ්ඩුවට යට කලිසමත් රතුපාටින් අදින මාලිමා කරණය වූ පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහත්තයා ඉන්නවා, හමුදාපතිවරු ඉන්නවා ඊට අමතරව අමාත්‍යාංශ ලේකම්වරු ඉන්නවා. පාර්ලිමේන්තුවේ හැසිරවීමත් අතට ගන්නනම් පාර්ලිමේන්තු මහලේකම්වරයාත් අයින් කරන්න උත්සහා කරනවා. නීති පතිතුමත් අයින් කරන්න දැන් කටයුතු කරනවා. මේ සියලු න්‍යාය පත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගේ නොවේ රට පාලනය කරන ටිල්වින් සිල්වාගේ න්‍යාය පත්‍රය. ඔහුට කවුද ජනවරමක් දුන්නේ. මේ ටිල්වින් සිල්වා ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට නව ජනතා පෙරමුණ වන අපි දිවි හිමියෙන් ඒකාවන්ව සටන් කරනවා. අපිට ලැබෙන පළමු අවස්ථාවෙන්ම රනිල් වේවා, සජිත් වේවා, නාමල් වේවා, දිලිත් වේවා ඕනෑම අයකු සමග එක්ව කටයුතු කරන්න සුදානම් බව ප්‍රකාශ කර සිටිනවා.''

