2025 නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරාම දරුණු ගංවතුර, නායයෑම් හා විශාල හානි සිදු විය.
මෙය පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවට බලපෑ බරපතළ ම ස්වභාවික ව්‍යසන අතරින් එකක් වන අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) තොරතුරු අනුව පුද්ගලයින් 600කට වැඩි පිරිසක් මිය ගොස්, සිය ගණනක් අතුරුදන් වී ඇති අතර, මිලියන 2කට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල විය. නිවාස දහස් ගණනක් හානි වූ අතර, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය හා ජීවනෝපායන්ට බිලියන ගණනක හානි සිදු විය.
මෙම ව්‍යසනයෙන් පසු ආපදා පුරෝකථනය, පුර්ව අනතුරු ඇඟවීම් හා හදිසි ඉවත් කිරීම් පද්ධතියේ තිබෙන ගැටලු හඳුනා ගැනීමටත්, අනාගත ආපදා සඳහා වඩාත් ශක්තිමත් උපාය මාර්ග සකස් කිරීමටත් ‘සමබිම’ සංවාද මණ්ඩපය යටතේ විශේෂ සංවාද මාලාවක් සංවිධානය කර ඇත.
මෙහි පළමු දිගහැරුම 'ආපදා පුරෝකථනය, පුර්ව අනතුරු ඇඟවීම සහ හදිසි ඉවත්කිරීම් - දිට්වා සුළි කුණාටුවේ අත්දැකීම් යන මැයෙන් 2026 පෙබරවාරි 11වන දා සවස 3.45ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිත ය.
අදහස් දැක්වීම සඳහා: ආපදා අවදානම් කළමනාකරණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්) සරත් ප්‍රේමලාල් සහභාගි වනු ඇත.
සංවාදය මෙහෙයවනු ලබන්නේ (SLVLOG) හි බෘනෝ දිවාකර විසිනි.
සෘජුව සහභාගී වීමට නොහැකි අයගේ පහසුව සඳහා මෙම සංවාදය සජීවී වීඩියෝ පටිගත කර SLVLOG PODCAST YouTube චැනලය ඔස්සේ විකාශය කෙරේ.
ඔබ ගේ පැමිණිම තහවුරු කිරීම සඳහා
මෙම සංවාදය සංවිධානය සංවිධානය කරනු ලබන්නේ රයිට්ස් නව් (Rights Now) වෙතිනි.
හර්ෂ ගුණසේන - සභාපති, රයිට්ස් නව්

